ප්රංශ නිර්මාණකරුවකු වන මැතිව් ලෙහානියර් විසින් නිර්මාණය කරන ලද පැරිස් 2024 ඔලිම්පික් සහ පැරාලිම්පික් පන්දම අඟහරුවාදා පැරිසියේදී එළිදක්වන ලදී.
රාත්තල් 3.3 ක් බරැති මෙම ෂැම්පේන් පාට පන්දමෙහි ඇවිස්සුණු ජලය චලනය වන විට නැගෙන රැලි ආකාර ආචරණයක් සහිතව නිර්මාණය කර ඇත. අතීත නිර්මාණ හා සමානකම් ඇති නමුත් මෙය හැඩයෙන් සහ වර්ණයෙන් වෙනස් වී ඇත. එහි නිෂ්පාදකයා Arcelor Mittal විසින් 100% ක්ම ප්රතිචක්රීකරණය කරන ලද වානේ භාවිත කර එයින් පන්දම් 2,000 ක් නිෂ්පාදනය කර ඇත. එය පෙර ඔලිම්පික් තරගවල පන්දම් නිපැයීමට ගිය වියදමට වඩා පස් ගුණයකින් වියදම අඩු කර තිබේ.
එය ක්රීඩා ඉතිහාසයේ OIympics සහ Paralympics යන තරගාවලි දෙකටම පොදුවේ භාවිත කරන පළමු ගිනි සිළුවය.