2023 අගෝස්තු 05 වන සෙනසුරාදා

කොවිඩ් කම්මුතු කරන අලුත් ප්‍රතිදේහයක්!

 2023 අගෝස්තු 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 74

දැනට දන්නා Covid ප්‍රභේද සියල්ල පාහේ අතුගා දැමිය හැකි නව ප්‍රතිදේහයක් විද්‍යාඥයන් විසින් සොයාගනු ලැබ ඇත. 2000 දශකයේ මුල් භාගයේදී SARS වලින් සුවය ලැබූ සහ 2021 දී කොරෝනා වෛරස් එන්නතක් ලබාගත් අයකුගේ රුධිරයෙන්   ඔවුන් මේ ප්‍රතිදේහය වෙන් කරගනු ලැබුණි. සිංගප්පූරුවේ Duke-NUS වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් මේ අධ්‍යයනයට නායකත්වය දී තිබේ.

මෙම පර් යේෂකයන් විසින් SARS-CoV-2 (Covid-19) සහ එහි ප්‍රභේද වන Alpha, Beta, Gamma, Delta සහ Omicron, මෙන්ම මුල් SARS වෛරසය සහ වවුලන් සහ කැබැල්ලාවන්ගෙන් සම්ප්‍රේෂණය විය හැකි වෙනත් සත්ත්ව කිරීටක වෛරස් ඇතුළු බහුවිධ වෛරස් කාණ්ඩ උදාසීන කළ හැකි මට්ටමේ ප්‍රබල ප්‍රතිදේහ හයක් වෙන්කර හඳුනාගෙන තිබේ.

මෙයින් වඩාත්ම බලගතු, E7 නමැති ප්‍රතිදේහය, විශිෂ්ටතම ප්‍රතිඵල පෙන්වා ඇත.  ඔවුන් පැවසුවේ එම ප්‍රතිදේහය මෙම කොරෝනා වෛරස් මිනිස් සෛල ආක්‍රමණය කිරීමට භාවිත කරන ස්පයික් ප්‍රෝටීනයේ විශේෂිත දුර්වලතාවයක් ඉලක්ක කර ක්‍රියාත්මක වන බවය. සෛල ආසාදනය කිරීමට සහ රෝග ඇතිකිරීමට හැකි ලෙස  වෛරසයට අවශ්‍ය හැඩය මාරු කිරීමේ ක්‍රියාවලිය E7 මගින් අවහිර කරන බව මෙහිදී  තහවුරුව ඇත.

මේ සොයාගැනීම් මගින් කොරෝනා වෛරස්වල ඇති දුර්වල තැන් හඳුනා ගැනීමට සහ වසංගත බවට පත්ව පැතිර යා හැකි අනාගත ප්‍රභේදවලට එරෙහිව ක්‍රියා කරන එන්නත් සහ වෙනත් ඖෂධ සැලසුම් කිරීම සඳහා මූලික ආකෘති ලෙස මෙම ප්‍රතිදේහ භාවිත කරමින් සාර්ථකව ඔසු නිෂ්පාදන වැඩිදියුණු කරගත හැකිවන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00