2023 අගෝස්තු 05 වන සෙනසුරාදා

හිරේ වැටුණත් ට්‍රම්ප් ජනපති!

 2023 අගෝස්තු 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 139

ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට දැඩි නීතිමය අර්බුදයක සිරවී සිටී. ඉකුත් බ්‍රහස්පතින්දා ඔහු වොෂින්ටන් ඩීසී උසාවියට ​​ගෙන එන්නට හේතු වූ නවතම අධිචෝදනා පත්‍රය මාරාන්තික ලෙස බරපතළ වූවකි. එහිදී නීත්‍යානුකූල සහ සාධාරණ මැතිවරණයක් පෙරළා දැමීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා කරයි. මේ හේතුවෙන් ඔහු හිරේ වැටීමට ඇති ඉඩකඩ පැහැදිලිය. එහෙත් ඔහු නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමට එයට නොහැකි වනු ඇතැයි ඔහුගේ රට පුරා සිටින ආධාරකරුවෝ විශ්වාස කරති.

ඔවුන් දැඩිව විශ්වාස කරන්නේ මැතිවරණයට කලින් හිරේට යැව්වත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට තරග කරන්නට හැකි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් එයට ඉඩ ලැබෙන බවත්ය. 

ඔවුන් මේ සඳහා පූර්වාදර්ශයක් ලෙස ඉයුජින් ඩෙබ්ස් නමැත්තාගේ සිද්ධිය පෙන්වා දෙයි.

පළමු ලෝක යුද්ධයට ඇමෙරිකාව සම්බන්ධ වීමට එරෙහිව කතා කිරීම නිසා ඉයුජින් ඩෙබ්ස් නමැත්තා අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු 1918 ගිම්හානයේදී ද්‍රෝහියකු ලෙස නඩු විභාගයට ලක් කර වසර දහයකට සිරදඬුවම් නියම කළේය. 1920 දී ඔහු සමාජවාදී පක්ෂයට නාමයෝජනා ලබාගෙන ‘ජනාධිපති ධූරයට, වැරදිකරු අංක 9653’ යන සටන් පාඨය යටතේ තරග කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් හටද ඒ අවස්ථාව විවරව ඇති බව ආධාරකරුවන්ගේ තර්කය වී තිබේ.  

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00