2023 අගෝස්තු 19 වන සෙනසුරාදා

සත්ව - මිනිස් අවයව බද්ධයේ අලුත්ම ජයග්‍රහණය!

 2023 අගෝස්තු 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 126

මොළය මිය ගිය මිනිසකුගේ සිරුරට ඌරකුගෙන් ගත් අවයවයක් සාර්ථකව බද්ධ කිරීමට නිව් යෝක් හි පර් ෙය්ෂක කණ්ඩායමක් සමත්ව තිබේ. විශේෂත්වය වන්නේ මොළය මිය ගිය මිනිසාට බද්ධ කරන ලද මේ ඌරු වකුගඩුව මාසයකට වැඩි කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වී තිබීමය. කලින් සිදු කළ පරීක්ෂණ බද්ධ කිරීම්වල ආගන්තුක අවයව සාර්ථකව ක්‍රියාත්මකව පැවතී තිබුණේ උපරිමව පැය 72ක කාලයක් පමණි. 

මේ හේතුවෙන් මේ නව වෑයම, සත්ව-මිනිස් බද්ධ කිරීම්වල සාර්ථකත්වය කරා ලෝකය එක් පියවරක් සමීප කරන්නට සමත්ව තිබේ. 

නිව් යෝක් ප්‍රාන්තයේ පදිංචි 57 හැවිරිදි Maurice ‘Mo’ Miller නම් පුද්ගලයා මත මෙම අත්හදා බැලීම සිදු කර ඇති අතර ඔහුගේ සිරුර ඔහුගේ පවුලේ අය විසින් පරිත්‍යාග කරන ලදී. පෙර උත්සාහයන් මෙන් නොව, බදාදා සාර්ථකත්වයට හේතු වී ඇත්තේ ඌරා ජානමය වශයෙන් වෙනස් කිරීම නිසා උගේ අවයව මිනිස් සිරුරට වඩා හොඳින් ගැලපීම බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

NYU Langone Health හි ශල්‍ය වෛද්‍යවරුන් විසින් මෙම ජයග්‍රහණය අත් කරගෙන ඇති අතර, ඔවුන් ජූලි 14 වැනි දින සිදු කළ බද්ධ කිරීමෙන් පසු සැප්තැම්බර් මැද භාගය දක්වා නිරීක්ෂණ දිගටම කරගෙන යාමට නියමිතය.

මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආගන්තුක ජෛව පටකවලට පහර දීම නිසා දශක ගණනාවක් අසාර්ථක වීමෙන් පසුව, සතුන්ගෙන් මිනිසාට අවයව බද්ධ කිරීම සඳහා වූ  බලාපොරොත්තුව අලුත් කරන වර්ධනයන් මාලාවක නවතම සාර්ථක පියවර මෙයයි.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00