2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

වසර 50ක පාලනය පෙරලූ ගැබොන් රටේ හමුදා කුමන්ත්‍රණය!

 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 137

මධ්‍යම අප්‍රිකානු තෙල් සරු රටක් වන ගැබොන් හි සිදුවූ හමුදා ක්‍රමන්ත්‍රණයක් මගින් ඒ රටට දැන් තාවකාලික හමුදා ජනාධිපතිවරයකු ලැබී ඇත. නැවත වරක් බලයට ආ හිටපු ජනාධිපති අලි බොන්ගෝ බලයෙන් පහ කර වසර 50ක පවුල් ඒකාධිකාරිය අවසන් කිරීම ගැබොන්හි මේ හදිසි කුමන්ත්‍රණයේ අරමුණ විය.

ගැබොන්හි හමුදා ජුන්ටාව විසින් ජෙනරාල් බ්‍රයිස් ඔලිගුයි න්ගුමා සංක්‍රාන්ති නායකයා ලෙස නම් කළ බව බදාදා ජාතික රෑපවාහිනියෙන් ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපති අලි බොන්ගෝ ඔන්ඩිම්බා වසර 14කට පසු බලයෙන් පහ කර නිවාස අඩස්සියේ තබා ඇති බවද ඔවුහු නිවේදනය කළහ. කුමන්ත‍්‍රණය කරළියට පැමිණෙන්නේ බොන්ගෝ තෙවැනි වරටත් ජනාධිපති ලෙස තේරී පත්වීමෙන් දින කිහිපයකට පසුවය. මේ තනතුර ඔහුගේ පියා වන හිටපු ජනාධිපති ඕමාර් බොන්ගෝගෙන් පසු ඔහුට උරුම වූ භූමිකාවකි.

බොන්ගෝ සහ විපක්ෂ නායක ඔන්ඩෝ ඔසා ප්‍රධාන අපේක්ෂකයන් 14 දෙනකු  නායකත්වය දුන් ජනාධිපති, පාර්ලිමේන්තු සහ ව්‍යවස්ථාදායක මැතිවරණවලදී සෙනසුරාදා ගැබොන් ජනතාව ඡන්දය ප්‍රකාශ කළහ. වසර 41ක් රට පාලනය කළ ඔමාර් බොන්ගෝ ඔන්ඩිම්බාගේ පියාගේ අභාවයෙන් පසු තරුණ බොන්ගෝ 2009 දී තෙල්වලින් පොහොසත් මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයේ ජනාධිපති ධූරයට පත් විය. තෙවැනි වරටත් ඔහු ජනපති ධූරය සඳහා ඉදිරිපත්ව ජයගත් නමුත් රට තුළ කැළඹිලි හටගත්තේ හමුදා අත පෙවීමකට මග පාදමිනි.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00