2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

හඳෙන් මතු වූ නව ධන නිධාන

 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 192

සඳේ දකුණට මුල් වතාවට ගොඩ බැස්ස චන්ද්‍රයාන්-3 යානය එහි ප්‍රාග්යාන් රෝවරය මගින් චන්ද්‍ර ගවේෂණ ඉතිහාසයේ අතිශය වැදගත් නවතම දත්ත රැසක් ලබාගෙන තිබේ. 

ඉන්දීය අභ්‍යවකාශ පර් යේෂණ ආයතනය (ISRO) නිකුත් කළ ප්‍රකාශනයකට අනුව චන්ද්‍රයාන්-3 යානයේ රැගෙන ගිය ලේසර් වර්ණාවලීක්ෂ (LIBS) උපකරණය මගින් සඳ මත සල්ෆර් පවතින බව තහවුරු කර ඇත.

මෙයට අමතරව සිදු කළ මුල් ගවේෂණ මගින් සොයාගත් ධන නිධාන අතරට සල්ෆර්වලට අමතරව ඇලුමිනියම්, කැල්සියම්, යකඩ, ක්‍රෝමියම්, ටයිටේනියම්, මැන්ගනීස්, සිලිකන් සහ ඔක්සිජන් ඇතුළත්ය. මෙතෙක් පරීක්‍ෂා කරන ලද සාම්පලවලින් ජලය සඳහා අවශ්‍ය හයිඩ්‍රජන් කිසිවක් සොයාගෙන නොමැත.

රෝවරය සහිත මේ සඳ ගමන සැකසීමේ මූලික අරමුණ වූයේ සඳ ආවාට පත්ලේ ඇති මිදුණු ජලය සොයාගැනීමය. ඉදිරි දින කිහිපය තුළ රෝවරය මේ ඉතිහාස ගත සොයාගැනීම සිදුකිරීමට සමත් වනු ඇතැයි විශ්වාස කෙරේ. 2023 අගෝස්තු 27 වැනි දින වනවිට, රෝවරයට එහි ගොඩබෑම් ස්ථානයට මීටර් 3ක් ඉදිරියෙන් පිහිටි මීටර් 4ක විෂ්කම්භයකින් යුත් ආවාටයක් හමුවී ඇත. මෙබඳු ආවාට පතුලේ සඳ ජලය පිළිබඳ හෝඩුවාවන් හමුවිය හැකි අවස්ථාවක් පවතී යැයි විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.

 

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00