තායිලන්ත මහා වජිරලොන්ග්කෝන් රජු රටේ නව අගමැති ශ්‍රේත්තා තාවිසින් - Srettha Thavisin, යෝජනා කළ නව කැබිනට් මණ්ඩලයට අනුමැතිය ලබා දී ඇත. ඔහු රටේ මුදල් අමාත්‍යවරයා ලෙසද ස්ථිර කර ඇත. තායිලන්ත පාර්ලිමේන්තුව පසුගියදා තාවිසින් රටේ මීළඟ අගමැති ලෙස පිළිගනිමින් ඡන්දය ප්‍රකාශ කළේ මාස තුනක් ඇදී ගිය දේශපාලන අර්බුදයට තිත තබමිනි.
60 හැවිරිදි ශ්‍රේත්තා තාවිසින්, මැයි මස මැතිවරණයේදී දෙවැනි විශාලතම ඡන්ද සංඛ්‍යාව ලබාගත් ජනප්‍රිය Pheu Thai පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද එකම අපේක්ෂකයා විය. රැඩිකල් ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කළ ජනප්‍රිය ප්රගතිශීලී පක්ෂයක් වන Move Forward විසින් එම මැතිවරණයේ වැඩි ඡන්ද ලබා ජයග්‍රහණය කරන ලද නමුත් රජයක් පිහිටුවීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව රහිතව ඒ සඳහා එම පක්ෂය ගත් සියලු ප්රයත්නයන් පසුව රටේ බලවත් දේශපාලන ප්‍රභූන් විසින් මැඩපවත්වන ලදී. මේ නිසා බලය සඳහා රට තුළ හටගත් අර්බුදය විසඳීමට රටේ රජු අවසානයේ ඉදිරිපත් විය.
මේ මාසය මුලදීද තායිලන්තයේ මහා වජිරලොන්ග්කෝන් රජු ඉදිරිපත් වී, හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා හට අධිකරණයෙන් නියම කර තිබූ වසර අටක සිරදඬුවම වසරක් දක්වා අඩු කරන්නට කටයුතු කළේය. එය ද දශක ගණනාවක් පුරා කැකෑරුණු දේශපාලන අලකලංචියක් නිමාවට රජු කළ අසාමාන්‍ය අතපෙවීමකි. වසර 15 ක ස්වයං පිටුවහලක සිට තායිලන්තයට ආපසු පැමිණ අත්අඩංගුවට පත්වූ කීර්තිමත් දේශපාලන රාජ වංශයක ප්‍රධානියා වන තක්ෂින්, රාජකීය සමාව සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.