2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

ඉන්දියා - භාරත් නම් හුටපටය

 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 105

නවදිල්ලියේ පැවැත්වෙන G20 සමුළුව සඳහා පැමිණි ලෝක නායකයන් සඳහා වන රාත්‍රී භෝජන සංග්‍රහයකට ඇරැයුම් කරමින් යවා ඇති පත්‍රිකාවේ ඉන්දියාව එහි සංස්කෘත නාමයෙන් ‘භාරතය’ ලෙස සඳහන් කර තිබීම පිළිබඳ දැන් දේශපාලන ගැටුමක් සහ මහජන විවාදයක් ඇවිලී ගොස් තිබේ. 

සම්ප්‍රදායික ලෙස එහිදි "ඉන්දියාවේ ජනාධිපති" ලෙස දක්වනවා වෙනුවට "භාරත් ජනාධිපති" ලෙස සඳහන් කර නිකුත් කරන ලද ආරාධනා පත්, ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු විසින් පවත්වන රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා ලොව රටවල් 20 ක නියෝජිතයන් වෙත යවා ඇත. මේ අතර තම ඉන්දුනීසියානු නිල සංචාරය ගැන නිවේදනය කරමින් අගමැති නරේන්ද්‍ර මෝදි සටහන් කර ඇත්‌තේ භාරත අගමැතිගේ ඉන්දුනීසියානු නිල සංචාරය වශයෙනි.

නිල භාෂා 20 කට වඩා ඇති බිලියන 1.4 ක ජනතාවක් සිටින මේ රටේ ඉන්දියාව සහ භාරත් යන නම් දෙකම නිල වශයෙන් භාවිත වේ. රටේ ව්‍යවස්ථාවේ සඳහන් වන්නේද “ඉන්දියාව, එනම් භාරතය, රාජ්‍ය සංගමයක් වනු ඇත,” කියාය. නමුත් ජාත්‍යන්තර වේදිකාවේ රට විසින් මෙතෙක් භාවිත කරන ලද නම ආරාධනා පත්‍ර මත එය භාරතය ලෙස භාවිත කිරීමෙන් රටේ ඉදිරි ගමන් මග ගැන කැපීපෙනෙන වෙනසක් සනිටුහන් කරන බවට චෝදනා රට තුළින්ම එල්ල වී තිබේ.  

1947 දී නිදහස ලබාගන්නා තෙක් වසර 200 ක් පමණ බ්‍රිතාන්‍යය මේ රට පාලනය කළ අතර එය ඉන්දියාව ලෙස සැලකීය. මේ නිසා භාරතය යන නමට කැමැති අය පවසන්නේ රට ගෝලීය වශයෙන් දැන් වඩාත් ප්‍රසිද්ධ වී ඇති ඉන්දියා යන නම යටත්විජිත යුගයේ ශේෂයක් බවයි. මේ ඉන්දියාව යන නම පැරණි බටහිර ශිෂ්ටාචාරයන් විසින් ඉන්දු ගංගාව - සින්ධු - ආශ්‍රය කරමින් යෙදුණු සංස්කෘත වචනයෙන් ලබාගෙන ඇති අතර පසුව එය බ්‍රිතාන්‍යය අධිරාජ්‍ය විසින්ද යොදාගන්නා ලදී.  

"ඉන්දියාව" යන වචනය බ්‍රිතාන්‍යයන් විසින් අපට ලබා දී ඇති අපයෝජනයක් වන අතර, ‘භාරත්’ යන වචනය අපගේ සංස්කෘතියේ සංකේතයකි,” යනුවෙන් පාලක භාරතීය ජනතා පක්ෂ දේශපාලනඥයකු වන හර්නාත් සිං යාදව් පවසා තිබුණේ මෝදි රජයේ හින්දු ජාතිකත්වවාදී අර්ථකතනය පැහැදිලි කරමිනි.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00