2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

ලිබියාවේ දැවැන්ත ගංවතුර!

 2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 120

තුන්දහසකට වැඩි පිරිසක් බිලිගත් මොරොක්කෝ රටේ මහා භූ කම්පනයෙන් පසු ලිබියාව දැවැන්ත ගංවතුරකින් යටවී තිබේ.

මධ්‍යධරණී වෙරළ තීරයේ පිහිටි ලිබියාවේ ඊසාන දෙස ඇතිවූ මේ දැවැන්ත ගංවතුරෙන් 20,000 කට වැඩි පිරිසක් මිය ගොස් 10,000 කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති බව පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන විට වාර්තා විය.    

මහා ගංවතුරෙන් රටේ දෙවැනි විශාලතම නගරය වන බෙන්ගාසිට කිලෝමීටර් 300ක් (සැතපුම් 190ක්) නැගෙනහිරින් පිහිටා ඇති දළ වශයෙන් 100,000 ක ජනතාවගෙන් යුත් නගරයක් වන ඩර්නා දරුණුතම හානියට පත් නගරයයි. ගංවතුරෙන් දරුණුතම බලපෑමට ලක් වූ ඩර්නා හි ගොඩනැගිලි ජලයෙන් සහ වැලිවලින් විනාශ වී ඇති බව චන්ද්‍රිකා ඡායාරෑප පෙන්වයි. නගරයේ වෙරළ දැඩි ලෙස ඛාදනය වී ඇති බවක් පෙනෙන්නට තිබුණි.

රට තුළ ක්‍රියාත්මක වන ප්‍රතිවාදී ආණ්ඩු දෙකෙන් එකක් වන ට්‍රිපොලි හි යුනිටි රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උප ලේකම් සාදෙඩින් අබ්දුල් වකිල් පවසන පරිදි, දේශීය වේලාවෙන් බදාදා උදෑසන වන විට පුද්ගලයන් 6,000 කට වැඩි පිරිසක් මියගොස් සිටියහ. 30,000 කට වැඩි පිරිසක් අවතැන් වී සිටි බව ලිබියාවේ එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) ප්‍රකාශ කළේය. ප්‍රාදේශීය ගලවාගැනීමේ කණ්ඩායම් අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු දිගටම කරගෙන යන බව රාජ්‍ය මාධ්‍ය පවසයි.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00