2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

අභ්‍යවකාශ පර්වතයක පස් මුල්වරට මහ පොළොවට!

 2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 97

ගැඹුරු අභ්‍යවකාශයේ ග්‍රහකයකට ගොඩබැස වසර හතකට පසු නාසා ආයතනයේ ග්‍රහක කැණීමේ මෙහෙයුම ප්‍රථම වතාවට අභ්‍යවකාශ ගල් පර්වතයක පස් සාම්පල රැගෙන නැවත මහ පොළොව වෙත පැමිණියේය.

2016 දී දියත් කරන ලද OSIRIS-REx අභ්‍යවකාශ යානය 2020 ඔක්තෝබර් මාසයේදී Bennu නමැති මහ පොළොවට ආසන්න ග්‍රහකයට ළඟා විය. ඉන්පසු අභ්‍යවකාශ ඉතිහාසයේ ප්‍රථම වතාවට එම පෘථිවියට ආසන්න ග්‍රහකය මතුපිටින් සාම්පල එකතු කරන ලදී. ඒ අනුව මේ ඈත අභ්‍යවකාශයේ පාෂාණ පර්වතයෙන් හාරාගත් සාම්පල රැගත් කැප්සූලය 2023 සැප්තෑම්බර් 24 මහ පොළොවට ළඟා වී අභ්‍යවකාශ පර්යේෂණ ඉතිහාසයේ අමරණීය සටහනක් තැබීය.