2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

රොබෝ පොලිස් නිව් යෝක් වටලයි!

 2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 115

නිව් යෝක් පොලිස් සේවය NYPD නව පොලිස් නිලධාරියෙක් හඳුන්වා දී තිබේ. රාත්තල් 400ක් බරුති මේ පොලිස් නිලධාරියාගේ සේවය ලබා ගැනීමට පැයකට ඩොලර් 9ක් වැයකරයි. ආරක්ෂාව සඳහා ලාභදායී විසඳුමක් හැටියට හඳුන්වා දී ඇති මේ නිලධාරියා රොබෝවෙකි. Knightscope ආයතනය විසින් නිර්මාණය කරන ලද K5 නම්වූ ස්වයංක්‍රීය ආරක්ෂක රොබෝ යන්ත්‍රයකි.

මේ නවතම K5 රොබෝව සතුව බහු කැමරා පද්ධති, ද්වි-මාර්ග සන්නිවේදන පහසුව සහ අවශ්‍ය පරිශීලකයින් සඳහා හදිසි අවස්ථා බොත්තමක්ද පවති. සැබැවින්ම එය ස්වයංක්‍රීයව නිරීක්ෂණ කටයුතු කිරීමට සහ අවස්ථානුකූලව ප්‍රතිචාර දැක්වීමට සමත්   ජංගම CCTV පද්ධතියක් ලෙස ක්‍රියා කරයි.

එහි ප්‍රධාන අරමුණ අපරාධ මැඩපැවැත්වීම සහ අපරාධකරුවන් අල්ලා ගැනීම වන අතර, විශේෂයෙන් උමං මාර්ගවල මෑතකාලීන ප්‍රචණ්ඩකාරී ප්‍රහාරවල වැඩිවීම සැලකිල්ලට ගෙන, එය උමං මාර්ග ආරක්ෂකයන්ට සෘජු සහාය ලබා දෙයි. රොබෝවරයාට මුහුණු හඳුනාගැනීමේ සහ කතාබහට සවන්දීමේ විශේෂාංග සතුවුවද, NYC නගරාධිපති එරික් ඇඩම්ස් කියා ඇත්තේ පුද්ගලිකත්වයට බාධා ඇති කරන මේ තාක්ෂණ විධි සක්‍රීය නොකරන බවය. ප්‍රථම වතාවට K5, ටයිම්ස් චතුරශ්‍රයේ උමං දුම්රිය ස්ථානයේ ඕනෑම මහජන විමසීමකට පිළිතුරු දීමට අසල නිල ඇඳුමින් සැරසුණු නිලධාරියෙකු සමඟ යොදවනු ලැබේ. රොබෝවරයා නිලධාරීන්ගේ නිවාඩු කාලය තුළ තනිවම මුර සංචාරයේ යෙදෙනු ඇත.

දැනටමත් රොබෝ සුනඛයන්, රොබෝ ඩ්‍රෝන යානා සහ ලුහුබැඳීමේ උපාංග ඇතුළත්   NYPD හි ආරක්ෂක පියවර සමඟ මෙම නව තාක්‍ෂණය ඒකාබද්ධ කිරීම මගින් K5 නාගරික ආරක්ෂාවේ සැලකිය යුතු ප්‍රගතියක් නියෝජනය කරන්නට සමත්වනු ඇතිබව ඔවුන් විශ්වාස කරයි.

 

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00