දැන් ජනප්‍රිය යෙදවුමක් වන සංවාදය මුල් කරගත් ‘චැට්බෝට්’ අපි දන්නා පරිදි, සාමාන්‍යයෙන් ක්‍රියා කරන්නේ යතුරු පුවරුව ඔස්සේ වදන් පෙළ ටයිප් කරමින් ලබාදෙන විධාන හරහාය. Bard, ChatGPT, සහ Bing Chat වැනි සේවාවන් සියල්ලම මෙම ටයිප් කළ නියෝග සහ පිළිතුරු සටහන් ක්‍රමවේදය අනුගමනය කළ අතර, ඔවුන්ට ඇසෙන සංවාද හෝ කතන විමසීම් සඳහා ප්‍රතිචාර දැක්වූයේ නැත. නමුත් දැන් ChatGPT හට ඔබ සහ සාමාන්‍ය ලෙස හඬින් කතාබහ කරමින් සේවා සැපැයීමේ හැකියාව ලැබී තිබේ.
ChatGPT වෙත හඳුන්වා දී ඇති නව යාවත්කාලීනයක් සමඟ උසස් භාෂා ආකෘතියට අනුව ඔබ සමඟ කතාබහ කිරීමට මේ ‘චැට්බෝට්’ලා හට හැකියාව ලැබී ඇත. මීට අමතරව ඒවායේ දැකීමේ හැකියාවද දියුණු කර ඇත. ChatGPT මෙන්ම අනෙකුත් %චැට්බෝට්’ලා හටද දැන් මේ හැකියාව ලබා දී තිබේ.