ට්‍රම්ප් සහ ඔහුගේ ආයතන වසර ගණනාවක් තිස්සේ ඔහු සතු ධනය ගැන බොරු කියමින් බැංකු ණය ලබාගැනීම සඳහා ව්‍යාජ තක්සේරු කිරීම් ඉදිරිපත් කිරීමෙන් වංචාවක් කළ බවට නිව්යෝර්ක් විනිසුරුවරයෙක් තීන්දුවක් ලබාදී තිබේ. ඒ අනුව ඔහුගේ ව්‍යාපාරයන්හි වෙළඳ බලපත්‍ර තහනම් කිරීමට නියෝගයක්ද නිකුත් කැරිණි.
මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ''මගේ සිවිල් අයිතිවාසිකම් මගෙන් උදුරාගෙන!'' යනුවෙන් චෝදනා කර ඇති අතර ඔහු පවසන පරිදි මේ ප්‍රකාශයන් ''විකාර සහ අසත්‍ය'' ඒවාය. ට්‍රම්ප් මේ වනවිට ඔහුගේ මැතිවරණ යටිකූට්ටු ප්‍රයත්න සහ තවත් දූෂණ සම්බන්ධයෙන් බහුවිධ අධිකරණ බල ප්‍රදේශවල බහුවිධ අපරාධ අධි චෝදනාවලට මුහුණ දී තිබේ. ඒ අතර මේ නව තීන්දුව පැමිණියේ නීතිපති ලෙටීෂියා ජේම්ස් ගොනුකළ සිවිල් නඩුවකට අනුවය.