දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට ඇමෙරිකා පාර්ලිමේන්තුව ඡන්ද විමසීමකින් එරට කතානායකවරයකු තනතුරෙන් ඉවත් කළේය. කතානායක කෙවින් මැකාර්ති පාර්ලිමේන්තුවේදී ඡන්ද 216-210 ක් ලබා පරාජයට පත්විය.
කැලිෆෝනියාව නියෝජනය කළ කෙවින් මැකාර්ති, කතානායක ධූරයෙන් ඉවත් කිරීමෙන් පසුව, මැකාර්තිගේ ඉහළම සගයකු වන පැට්රික් මැක්හෙන්රි අන්තර්වාර කතානායකවරයා ලෙස නම් කර ඇත. ඔහියෝ හි නියෝජිත ජිම් ජෝර්දාන්, මෙන්ම බහුතරය නියෝජනය කරන ස්ටීව් ස්කැලිස් තමන් මීළඟ කතානායක වීමට තරග කරන බව තහවුරු කර ඇත.
ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ඩිමොක්‍රොටික් රජයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගනිමින් රජයේ ආයතන වෙත මුදල් සැපයීම සඳහා වන කෙටිකාලීන අයවැය යෝජනාවක් සම්මත කිරීමට පියවර ගැනීමට එරෙහිව හිටපු කතානායකවරයා තනතුරෙන් ඉවත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ කතානායකවරයා නියෝජනය කළ රිපබ්ලිකන් පක්ෂයේම මන්ත්‍රීවරයකු වූ මැට් ගේට්ස් විසිනි.
උග්‍ර ට්රම්ප්වාදියකු වන මැට් ගේට්ස් සිය පක්ෂය නියෝජනය කරන කතානායකවරයා රජයට අවශ්‍ය පරිදි කටයුතු කිරීම දැඩි ලෙස විවේචනයට ලක් කරමින් එම යෝජනාව ඉදිරිපත් කර තිබිණි.
මීට පෙර ඇමෙරිකානු දේශපාලන ඉතිහාසයේ කිසිදු අවස්ථාවක කතානායකවරයකු බලයෙන් පහ කර නැත.