එක්සත් ජනපද ඉතිහාසයේ සෞඛ්‍ය සේවකයන්ගේ විශාලතම වැඩවර්ජනය දැන් ඇරැඹී හමාරය. සෞඛ්‍ය සේවකයෝ 75,000ක් වැඩවර්ජනයට පාරට බැස සිටිති. මේ ඉතිහාසගත වැඩවර්ජනය කැලිෆෝනියා, කොලරාඩෝ, වොෂින්ටන්, ඔරිගන්, මේරිලන්ඩ්, වර්ජිනියා සහ වොෂින්ටන් ඩීසී හි පිකට් ලයින් සමඟ ප්‍රාන්ත කිහිපයක් පුරා පැතිරී ඇති රෝහල් සිය ගණනකට දරුණු ලෙස බලපා ඇත.
සෞඛ්‍ය සේවකයෝ 2023 සැප්තැම්බර් 4 වැනි දින ලොස්ඇන්ජලීස් හි Kaiser Permanente ආයතනයෙහි ප්‍රධාන වෛද්‍ය මධ්‍යස්ථානයේ රැලියකට සහභාගී වූහ. අවම සේවකයන් යොදා වැඩිම කාලයක් සේවා ලබාගැනීමේ අකටයුත්තට එරෙහිවය. සෞඛ්‍ය සේවා සේවක සංගම් ඒ තත්ත්වය ඉහළ ගොස් තිබූ Kaiser Permanente ජාලයට අයත් රෝහල්වල කාර්ය මණ්ඩල මට්ටම් වැඩි කරන ලෙස ඉල්ලා සිටියහ.
“කෙටි කාර්ය මණ්ඩල අර්බුදය” මධ්‍යයේ රෝගීන් අනතුරුදායක ලෙස දිගු කාලයක් බලා සිටීම, වැරදි රෝග විනිශ්චය සහ නොසලකා හැරීමට හේතු විය හැකි බව ඔවුන් පෙන්වා දී ඇත. "අපි පුද්ගලයන් දෙතුන් දෙනකුගේ වැඩ කිරීමට උත්සාහ කරමින් දැඩි වෙහෙසට පත්ව සිටිමු. කෙටි කාර්ය මණ්ඩලය හේතුවෙන් ඔවුන්ට අවශ්‍ය නිසි වේලාවට ප්‍රතිකාර ලබාගැනීමට නොහැකි වූ විට අපගේ රෝගීන් දුක් විඳිනවා." යැයි මේ අය මාධ්‍යයට කියා ඇත.
වෘත්තීය සමිතිවලින් එකක් වන SEIU-United Healthcare Workers West, සැප්තැම්බර් මස මුලදී Kaiser Permanente Los Angeles Medical Center හි උද්ඝෝෂණයක් පැවැත්වූයේ රෝහලේ සේවා කොන්දේසිවලට විරෝධය පළ කරමිනි. මෙම අවස්ථාවට ද දහස් ගණනක් පැමිණ සිටි බව වාර්තා විය.
එදින ඇතිකරගත් තාවකාලික ගිවිසුම් කාලයකට යටත්ව වර්ජනය අකුලා ගන්නට යෙදිණි.
නමුත් නියමිත වේලාවට නව ගිවිසුමකට එළඹීමට නොහැකි වුවහොත් දින තුනක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිති එකමුතුව පසුගිය මාසයේ අග සමාගමට දන්වා සිටියේය. ඒ පෙර ගිවිසුම දැන් අවසන් වී ඇත. ඉතිහාසයේ මහා සෞඛ්‍ය වර්ජනය ඇරුඹී හමාරය.