COVID-19 ට එරෙහිව mRNA එන්නත් නිර්මාණය කිරීමට හැකිවූ සොයාගැනීම් සඳහා මෙවර වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය හංගේරියානු-ඇමෙරිකානු ජාතික කැටලින් කරීකෝ සහ ඩ්රිව් වෛස්මාන් යන පර් යේෂකයෝ දිනා ගත්හ.
ඒ අතර ඇසට නොපෙනෙන තිත් බඳු කුඩා අංශු වන ක්වොන්ටම් අංශු පිළිබඳ කළ පර් යේෂණ සඳහා විද්‍යාඥයන් තිදෙනෙක් ඉකුත් බදාදා රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය හවුලේ දිනා ගත්හ. ඒ MIT ආයතනයේ මවුන්ගි බවෙන්ඩි, Columbia විශ්වවිද්‍යාලයේ ලූයිස් බරොස් සහ Nanocrystals Technology ආයතනයේ ඇලෙක්සි එකිමොව් යන විද්වතුන්ය. මේ අන්දමට පරමාණු හා අණු තුළ ඇති ඉලෙක්ට්‍රෝන ගවේෂණය සඳහා ලොවට නව ක්‍රමවේදයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් විද්‍යාඥයන් තිදෙනකුට මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය පිරිනැමුණි. ඒ ඇමෙරිකාවේ පියරේ ඇගොස්ටිනි, ජර්මනියේ ෆෙරෙන්ක් ක්‍රවුස් සහ ස්වීඩනයේ ඈන් එල් හුයිලර් වෙතය.
සාහිත්‍යය, සාමය සහ ආර්ථික විද්‍යාව සඳහා වූ ත්‍යාග හිමිකරුවන් ගැන නිවේදන සඳුදා වන විට නිකුත් කරනු ඇත. ස්වීඩන් නව නිපැයුම්කරු සහ නොබෙල් ත්‍යාග නිර්මාතෘ ඇල්ෆ්‍රඩ් නොබෙල් විසින් ඉතිරි කරන ලද ස්වීඩන් ක්‍රෝනර් මිලියන 11 ක (ඩොලර් මිලියන 1) මුදලකින් මෙය පිරිනැමේ.