චීනයේ හිටපු අගමැති Li Keqiang ගේ දේහය ආදාහනය හේතුවෙන් රජය බීජිං අගනුවර Tiananmen චතුරශ්‍රයේ ජාතික ධජය පහත හෙළීමට නියෝග කළ අතර රට පුරා ජාතික කොඩිය අඩකුඹු කර තිබුණි. හිටපු අගමැතිවරයා වත්මන් ජනාධිපති ෂි ජිපින්ට අභියෝගාත්මක වූ දේශපාලන ආර්ථික දර්ශනයක් දැරූ අයකු ලෙස ප්රකටය. ඔහු ප්‍රධාන බලවතා වූවා නම් රට මුළුමනින්ම වෙනස් මගක යනු ඇති බව ජනතා විශ්වාසය විය. නමුත් ඔහු නිහඬ කර දෙවැනි පෙළ තැබීමට ෂි ජිපින් සමත් විය.
හිටපු ආර්ථික විද්‍යාඥයකු සහ ප්‍රතිසංස්කරණ ගැති නායකයකු වන ලී, මාර්තු මාසයේදී විශ්‍රාම යාමට පෙර වසර 10 ක් අග්‍රාමාත්‍යවරයා ලෙස සේවය කළ අතර, පසුගිය සිකුරාදා ෂැංහයිහිදී හෘදයාබාධයකින් මිය ගිය අතර ඔහුගේ දේහය එදිනම අගනුවරට මාරු කරන ලදී.