2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා

ඇමෙරිකාවට ත්‍රස්ත තර්ජන!

 2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 76

ඇමෙරිකානු එෆ්.බී.අයි. ඔත්තු සේවයේ අධ්‍යක්ෂවරයා සිය රටට එරෙහි ත්‍රස්තවාදී තර්ජන ඉහළ ගොස් ඇති බව පසුගියදා දැනුම් දුන්නේය. FBI අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් වේ පැවසුවේ ඊශ්‍රායල-හමාස් යුද්ධය ඊශ්‍රායල ප්‍රධාන මිත්‍රයකු වන එක්සත් ජනපදයට එරෙහි ත්‍රස්තවාදී තර්ජන ඉහළ දැමීමට හේතු වී ඇති බවයි. 

"2023 වසර පුරාවටම ත්‍රස්තවාදී තර්ජනය ඉහළ ගොස් ඇත, නමුත් මැදපෙරදිග සිදුවෙමින් පවතින යුද්ධය එක්සත් ජනපදයේ ඇමෙරිකානුවන්ට එරෙහි ප්‍රහාරයක තර්ජනය සම්පූර්ණයෙන්ම වෙනත් මට්ටමකට ඔසවා ඇත.'' යැයි, ඔහු සෙනෙට් ස්වදේශ ආරක්ෂක කමිටුව හමුවේ කීවේය. "ජාත්‍යන්තර ත්‍රස්තවාදී කණ්ඩායම් වෙතින් එන තර්ජනය එකම මූලාශ්‍රය නොවේ. ගෘහස්ත යුදෙව් විරෝධය පිළිබඳ වාර්තා වැඩිවෙමින් පවතී.'' යැයිද ඔහු කීවේය.

නෙවාඩා ජාතික ජෝන් ඇන්තනි මිලර් පසුගිය සතියේ අත්අඩංගුවට ගෙන සිරගත කරනු ලැබුවේ ඔක්තෝබර් 7 හමාස් ප්‍රහාරයෙන් පසු යුදෙව් ප්‍රජාතන්ත්‍රවාදියකු වන සෙනෙට් සභික ජැකී රොසන් (නෙව්.) හට දුරකථන පණිවිඩ කිහිපයක් මගින් තර්ජනය කිරීමේ චෝදනාව මතය. පොලිසිය අඟහරුවාදා කෝනෙල් විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු වන පැට්‍රික් ඩායි  අත්අඩංගුවට ගත් අතර යුදෙව් සිසුන්ට එරෙහිව තර්ජන පළ කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා කළේය. මේ අන්දමට ලොව පුරා යුදෙව් විරෝධය ඉහළ යමින් තිබේ. රුසියාවේ ඩැජෙස්තාන් හි ගුවන් තොටුපොළකට කඩා වැදුණු පිරිසක් ටෙල් අවීව් හි සිට පැමිණි ගුවන් යානයක් වටකර ඊශ්‍රායලයෙන් පැමිණි පිරිස් සොයා එහි කලබල කර ඇත.

මේ අතර ගාසා තීරයට එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් නෙතන්යාහුගේ යුද කැබිනෙට්ටුව තුළින්ද විරෝධය මතුව තිබේ.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00