දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය සහ යුරෝපීය දේශගුණ නිරීක්ෂකයා වන කොපර්නිකස් දත්ත පද්ධතිය අනුව 2023 යනු පසුගිය වසර 125,000 ක කාලය තුළ උණුසුම්ම වසර බව සනාථ වී ඇත. ඒ අනුව යුරෝපීය විද්‍යාඥයන් පවසන්නේ පෘථිවිය පුරා උෂ්ණත්වය ඉහළ යාමෙන් පසු වාර්තා වූ උණුසුම්ම වසර 2023 බවය.
EU හි දේශගුණ නිරීක්ෂකයා වන Copernicus Climate Change Service (C3S) බදාදා ප්‍රකාශ කළේ ඔක්තෝබර් මාසයේ වාර්තා වූ සෙල්සියස් අංශක 0.4 (ෆැරන්හයිට් අංශක 0.7) උෂ්ණත්වය, 2019 දී පිහිටුවන ලද උණූසුම්ම මාසය සඳහා වූ පෙර වාර්තාවට වඩා වැඩි බවය. මේ කොපර්නිකස්ගේ දත්ත කට්ටලයේ වාර්තා 1940 දක්වා දිව යයි.
පොළෝ තලය මේ වන විට මුහුණ දී ඇති දේශගුණික විපර්යාසය, පොසිල ඉන්ධන දහනය කිරීම සමඟ අත්වැල් බැඳගත් හරිතාගාර වායු විමෝචනය මගින් මෙහෙයවනු ලබන අතර, මෙයින් දැඩි ලෙස පෘථිවිය උණුසුම් වන විට, අධික තාපය පිළිබඳ පෙර වාර්තා නොසිතූ විරූ වේගයකින් බිඳවැටෙමින් තිබේ.
මේ අනුව අධික උණුසුමේ ග්රහණයෙන් ලෝකයේ කිසිදු කොණක් ඉතිරි වී නැත. සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින්, 2022 ලෝකයේ සීතලම කලාපය වන ඇන්ටාක්ටිකාවට වාර්තාගත වඩාත්ම තීව්ර තාප තරංග කඩා වැදුණු බව සොයාගන්නා ලදී.