2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා

ලොව සරාගීම මිනිසා හොලිවුඩයේ ඩෙම්ප්සේ!

 2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 12

ලොව ජීවත්ව සිටින සරාගීම මිනිසා ලෙසට ජනප්‍රිය හොලිවුඩ් නළුවකු මෙන්ම මෝටර් රථ ධාවකයකු ලෙස ද ප්‍රසිද්ධියට පත්ව සිටින පැට්‍රික් ඩෙම්ප්සේ People සඟරාව විසින් නම් කර තිබේ. ඇමෙරිකා ජාතික ඩෙම්ප්සේ මේ වන විට 57 වැනි වියෙහි පසුවෙයි. 

ඔහු රංගන වෘත්තිය ආරම්භ කිරීමට පෙර මුලින් ඉන්ද්‍රජාලිකයකු ලෙස විවිධ ස්ථානවල සංචාරය කරමින් සිට ඇත. ඩෙම්ප්සි සිය වෘත්තීය ජීවිතය පුරාවට විවිධ චරිත නිරූපණය කර ඇති නමුත් වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ, ‘ග්‍රේස් ඇනටමි’ නමැති ජනප්‍රිය වෛද්‍ය නාට්‍ය මාලාවේ ආකර්ශනීය ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වන ‘ආචාර්ය ඩෙරෙක් ෂෙපර්ඩ් ලෙස කළ රංගනයෙනි. ඔහු ‘Transformers,’ සහ  Grey’s Anatomy,’ ‘Freedom Writers,’ ‘Enchanted,’ ‘Sweet Home Alabama,’ ‘Scream 3,’ ‘Made of Honor,’ මෙන්ම ‘Bridget Jones’s Baby’ ඇතුළු විචාරක පැසසුම්ලත් චිත්‍රපට ගණනාවක ද රඟපා ඇත.  

නළුවකුට අමතරව ඔහු ‘Vision Racing Indycar Series’ මෝටර් රථ ධාවක කණ්ඩායමේ සම හිමිකරැ වන අතර ‘Dempsey Racing’ හි වත්මන් හිමිකරැ ද වේ.