2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා

වසර 200ක් පැරැණි භූ කම්පනයන්ගෙන් අයිස්ලන්තය කම්පා වෙයි: ගිනි කඳු විදාරණයක් අත ළඟ!

 2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 17

ඉකුත් බදාදා උදෑසන අයිස්ලන්ත කාලගුණ විද්‍යාඥයන් පැවසුවේ අඟහරුවාදා භූමිකම්පා 700 ක් අත්විඳීමෙන් පසු, එදින මධ්‍යම රාත්‍රියේ සිට සිය රට තවත් කම්පන  800 ක් අත්විඳ ඇති බවයි. පර් යේෂකයන් විසින් ගිනි කඳු මැද ඇති, මැග්මා පොළොව මතුපිටට පැමිණ ඇති බව පෙන්නුම් කරන සල්ෆර් ඩයොක්සයිඩ්, වායුව අනාවරණය කර ගැනීමෙන් පසුව මේ භූමිකම්පා රැල්ලද වාර්තා වූයේ නුදුරේම සිදුවිය හැකි මහා භුකම්පනයක අවදානම නිවේදනය කරමිනි.

අයිස්ලන්තයේ Grindavik ගිනි කන්ද යළිත් පුපුරා යාමේ ලකුණු පෙන්නුම් කර තිබේ. ඒ අනුව මහා ගිනි කඳු පිපිරීමක් ඕනෑම මොහොතක ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක්  පවතින බවට අයිස්ලන්ත කාලගුණ විද්‍යා කාර්යාලය අනතුරු අඟවා තිබේ. රට දැන්, හදිසි තත්ත්වයක් යටතේ පවතින අතර භූකම්පන ක්‍රියාකාරකම් සිදුවන Reykjanes අර්ධද්වීපය හදිසි සහ ආපදා කලාපයක් බවට පත් කර ඒ ප්‍රදේශයෙන් වැසියන් ඉවත් කිරීම අරඹා තිබේ.

1800 ගණන්වලදී, උතුරු ඇමෙරිකාව ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ මාරාන්තික භූමිකම්පා කිහිපයකට මුහුණ දුන්නේය. වසර දෙසීයකට ආසන්න කාලයකට පසුව, තවමත් මේ රට එම ඓතිහාසික භූකම්පන සිදුවීම්වලින් පැන නගින පසු කම්පනවලට මුහුණ දෙන බව භූ භෞතික පර් යේෂකයන් කරන ලද අධ්‍යයනයක් මගින් පෙන්නුම් කරයි. 

නමුත් බදාදා අලුයම ඇතිවූ භූමිකම්පා බොහොමයක් දළ වශයෙන් සැතපුම් දෙක තුනක් අතර ගැඹුරක ඇති මැග්මා දෝනා මධ්‍යයේ සිදුව ඇති බව රටේ කාලගුණ විද්‍යා කාර්යාලය පැවසීය. මිචිගන් තාක්ෂණික විශ්වවිද්‍යාලයට අනුව, අඟහරුවාදා සිදුවූ භූමිකම්පාවලින් විශාලතම භූමිකම්පාව M3.1 වන අතර, නිලධාරීන් පැවසුවේ ඒ භූමිකම්පා බොහොමයක් සුළු හානියක් පමණක් සිදු කරන "ක්ෂුද්‍ර භූමිකම්පා" බවයි. නමුත් මේ කම්පන රුල්ල විනාශකාරී මහා භූමිකම්පාවක හෝ ගිනි කඳු විදාරණයක අනතුරු ඇගවීම් බව පර් යේෂකයෝ පෙන්වා දෙති.