2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා

කෙට්ටුම හෝටලේ

 2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 112

“ලොව කෙට්ටුම හෝටලය" ඉන්දුනිසියාවේ නිර්මාණය කිරීමට එරට ගෘහ නිර්මාණ ශිල්පී අරි ඉන්ද්‍රා - Ary Indra සමත්ව සිටියි. 

ඔහුගේ අපූරු හෝටලය තට්ටු පහකින් යුක්ත වන අතර පළල අඩි නවයක් තරම් පටුය. මෙහි ඉඩකඩ කාමර හතක් තිබීමට ප්‍රමාණවත්ය. මෙය සාදා ඇති ඉඩම මංතීරුවක් සහ නිවාස පද්ධතියක් අතර පිහිටා ඇති අතර එය කලින් කුණු කසළ බිමක් ලෙස භාවිත කරන ලදී. අරි, ඉන්දුනීසියාවේ කුඩා නගරයක් වන මධ්‍යම ජාවා හි සලාටිගා හි ඉපදී හැදී වැඩුණු අයෙකි. ඔහු සිංගප්පූරුවේ සහ ජකර්තාහි ගෘහ නිර්මාණ ශිල්පියකු ලෙස පුහුණුව ලැබුවද, ඔහුගේ කුසලතා නැවත සිය රට තුළම සිට භාවිත කිරීමට ඉදිරිපත්ව සිටියි.

මෙම ඉඩම මංතීරුවක් සහ නිවාස පද්ධතියක් අතර පිහිටා ඇති අතර එය කලින් කුණු කසළ බිමක් ලෙස භාවිත කරන ලද්දකි. ඉඩ මදි වූ බවක් පෙනුණද, එහෙත් ආපන ශාලාවක් ඇතුළු අමුත්තන්ට අවශ්‍ය සියල්ල හෝටලයේ ඇත. එහි සෑම කාමරයක්ම ද්විත්ව ඇඳකින් මෙන්ම නාන කාමරයකින් සහ වැසිකිළියකින් සමන්විතය. කාමර කිසිවක් එකම අභ්‍යන්තරයකින් සමන්විත නොවන  අතර, ඒවාටම අභිරුචි වර්ණාලේපන සහ අද්විතීය, දේශීය කලා කෘති භාවිත කර, ඒවාට ඉතා පැහැදිලි අනන්‍යතා හැඟීමක් ලබා දී ඇත.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00