2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

ට්‍රම්ප්ට එරෙහිව අලුත් ප්‍රහාරයක්!

 2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 10

ආන්දෝලනාත්මක පුවත් මවන්නකු වන ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නවතම ප්‍රචාරක ප්‍රහාරයක් ඇරුඹී තිබේ. ට්‍රම්ප් 2024 දී රටේ නායකත්වයට පත්වුවහොත් ඔහු ඒකාධිපති පාලකයෙක් ලෙස ක්‍රියා කරනු ඇති බවට සැක සංකා පළ කරමිනි.

ප්‍රධාන පෙළේ ඇමෙරිකානු මාධ්‍ය ඔස්සේ ට්‍රම්ප්ගේ නැවත පැමිණීම රට පළිගන්නා සුළු ඒකාධිපතියකුගේ පාලනයකට යටත් වීමක් වනු ඇති බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි. දෙවරක් දෝෂාභියෝගයට ලක්වූ රිපබ්ලිකන් හිටපු ජනාධිපතිවරයා 2024 දී ජයග්‍රහණය කළහොත් ප්‍රතිඵලය විය හැකි අඳුරු යුගයක් ගැන අනාවැකි ඒ මාධ්‍යවල පළ වී තිබුණි.

ධවල මන්දිරයේ ඔහුගේ පළමු ධූර කාලයට වඩා කෝපාවිෂ්ට නමුත් විනයගරුක ට්‍රම්ප් කෙනකුගේ අඳුරු චිත්‍රයක් මේ වාර්තා මගින් මවා ඇත. ඔහු තම සතුරන්ගෙන් තදින් පළිගැනීම් කරනු ඇති අතරම සමහරවිට එක්සත් ජනපද වාර දෙකක ධූර කාලසීමාවෙන් ඔබ්බට බලයේ සිටීමට උත්සාහ කරන්නට හැකි බවටද අනතුරු ඇඟවීම් ඉදිරිපත්ව තිබේ.

රිපබ්ලිකන් ට්‍රම්ප් විවේචකයකු වන ලිස් චෙනීගෙන් ද දරුණු අනාවැකි ඉදිරිපත් වූයේ රට "නිදාගෙන ඇවිද යන්නාක් මෙන්" ඒකාධිපතිත්වයට ඇදවැටිය හැකි බවටත් ඒ හෙයින්ම ඔහුව නැවැත්වීමට උත්සාහ කිරීම සඳහා ඇය ජනාධිපති තරගය තුන්වැනි පාර්ශ්වයක් හැටියට ඉදිරිපත් වන බවටත්ය.

"ට‍්‍රම්ප් ආඥාදායකත්වයක් නොවැළැක්විය හැකිය" යන සිරස්තලය සහිතව කොන්සර්වේටිව් විචාරක රොබට් කගන් විසින් වොෂින්ටන් පෝස්ට් පුවත්පතට වඩාත් ඇස් ඇරෙන සටහනක් දී තිබුණි. ට‍්‍රම්ප්, බලය පැහැරගත් රෝම අධිරාජ්‍යයා වූ ජුලියස් සීසර් හා සසඳමින් ඔහු සිය දීර්ඝ ලිපියේ පවසන්නේ ට්‍රම්ප්ට අවශ්‍ය නම් “ඔහු ජීවිතාන්තය දක්වා ජනාධිපති” වීම වැළැක්වීමට එක්සත් ජනපද ව්‍යවස්ථාවට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ නොහැකි වන බවයි. 77 හැවිරිදි ට්‍රම්ප්, මේ අනතුරු ඇඟවීම්වලට ද ඔහුගේ සාමාන්‍ය ශෛලියෙන් ප්‍රතිචාර දක්වා තිබුණේ ඔහුගේ පුළුල් සිනහවෙන් යුතුවය. 

 

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00