2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

කාශ්මීරය ඉන්දියාවට!

 2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 139

දශක 60කට ආසන්න කාලයකට පසු ලොව වඩාත්ම හමුදාකරණයට ලක්වූ ප්‍රාන්තයක් ලෙස ප්‍රසිද්ධව තිබූ කාශ්මීරයේ ජනතාවගේ නිදහස තහවුරු කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දී තිබේ. ඒ අනුව මතභේදයට තුඩු දුන් කාශ්මීර් ප්‍රාන්තයේ ස්වයං පාලන අර්බුදය නිමාවට පත් විය.

1949දී එම ප්‍රාන්තයට ස්වයං පාලන අයිතිය ලබා දෙමින් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 370 වැනි වගන්තිය ඇතුළත් කරන්නට යෙදුණි. නමුත් ඉන්පසු පාකිස්තාන සම්භවයක් සහිත මුස්ලිම් ජාතිකයන්ගේ පළාතක් වන ජම්මු කාශ්මීරයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් බහුලව සිදු විය. දැන් දශක 6කට ආසන්න කාලයකට පසු ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 370 වැනි වගන්තිය ඉවත් කර එහි කටයුතු මධ්‍යම රජයට පවරා ගැනීමට ඉන්දියාව පියවර ගනු ලැබූ අතර ඒ හේතුවෙන් එම ප්‍රාන්තයේ ජනතාවට පීඩනයෙන් හා දරිද්‍රතාවයෙන් මිදිමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.

ඉන්දීය රජය රුපියල් කෝටි ගණනින් මුදල් වැය කර ජම්මු කාශ්මීරයේ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබිණි. එම ප්‍රාන්තයේ තරුණ තරුණියන් නීතිවිරෝධී කටයුතු සඳහා යොමුවීම මඟහරවා ගැනීමටත්, කාන්තාවන්ගේ ස්වයංරුකියා උත්පාදනය ඉහළ දැමීමටත් පියවර රුසක් ගෙන තිබිණි. කෘෂිකාර්මික ක්ෂේත්‍රයට වැඩි අවධානයක් යොමු කරමින් ජන ජීවිත ඉහළ නැංවීමට ක්‍රියාමාර්ග රුසක් ගෙන තිබිණි. එමඟින් කාශ්මීර් ප්‍රාන්තයේ තරුණයන් ත්‍රස්ත සංවිධාන හා නීති විරෝධී කටයුතු සඳහා යොමුවීම වසර දෙකක් ගතවන විට 40෴ කින් අඩුවී තිබිණි. මේ නිසා මධ්‍යම රජය යටතට ප්‍රාන්තය පවරා ගැනීම යුක්ති සහගත සහ ජනතාවට ඵලදායී තීන්දුවක් ලෙසට පිළිගැනීමක් ලැබී තිබේ.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00