ජනාධිපති ජෝ බයිඩෙන්ට එරෙහිව විධිමත් දෝෂාභියෝග පරීක්ෂණයක් පැවැත්වීමට පක්ෂව ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ 221කගේ අනුමැතිය බදාදා ඡන්දය පැවති අවස්ථාවේ ලැබී තිබුණි. පක්ෂ මට්ටමින් පැවැති ඡන්දය විමසීමේදී මෙය අනුමත නොකළේ 212 කි. මෙයට පෙර බයිඩන්ට එරෙහි විමර්ශනයක අවශ්‍යතාව සම්පූර්ණ සභා ඡන්දයකින් නීත්‍යානුකූල කිරීමට ප්‍රමාණවත් ඡන්ද ලැබී නොතිබුණි.
ජනාධිපතිවරයාගේ වැරදි අනාවරණය කර ගැනීම සඳහා බයිඩන් පවුලේ විදේශීය ව්‍යාපාරික ගනුදෙනු පිළිබඳ විමර්ශනය කළ යුතු බවට වූ චෝදනා දක්ෂිණාංශික පීඩනය වර්ධනය වු බැවින් මෙවර ඒ සඳහා ඉඩ සැලසී තිබේ. කෙසේ වුවද බයිඩන් බදාදා රාත්‍රියේ පැවැති සභා ඡන්දයට දොස් පැවරුවේ, එය "කොංග්‍රසයේ රිපබ්ලිකානුවන් පවා සහාය නොදක්වන පදනම් විරහිත දේශපාලන ප්‍රයෝගයක්" ලෙස හඳුන්වමිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දෝෂාභියෝගයට ලක් කළ හැකි වැරදිවලට “ද්‍රෝහීකම, අල්ලස් හෝ වෙනත් ඉහළ අපරාධ සහ වැරදි” ඇතුළත් වේ. එම අපරාධ, විශේෂයෙන්ම ඉහළ අපරාධ සහ වැරදි සඳහා වන අර්ථ දැක්වීම එක්සත් ජනපද ඉතිහාසය පුරා ප්‍රබල විවාදයට භාජනය වී ඇති කරුණකි. හිටපු සභා කතානායක Kevin McCarthy සැප්තැම්බර් මාසයේදී Biden පිළිබඳ පරීක්ෂණය ඇරුඹූ දා සිට, විමර්ශනයට නායකත්වය දෙන කමිටු ත්‍රිත්වය අධිකරණ දෙපාර්තමේන්තුවේ සහ අභ්‍යන්තර ආදායම් සේවයේ විවිධ නිලධාරීන් සමඟ සම්මුඛ සාකච්ඡා කර ඇති අතර Biden පවුලේ සාමාජිකයන්ගෙන් ද ඇතුළුව තොග ගණනක් ලේඛන සහ නව බැංකු වාර්තා ද ලබාගෙන ඇත. රිපබ්ලිකානුවන්ගේ නව පැමිණිලි අනුව ජනාධිපතිගේ සහෝදරයා සහ පුතා ඇතුළුව තවත් අය ගැන විමර්ෂනයට ලක් කළද, තවමත් බයිඩෙන්ට එරෙහි ඔවුන්ගේ ඉහළම චෝදනාවන් සනාථ කරන විශ්වාසදායක සාක්ෂි අනාවරණය කරගෙන නොමැත.