රුසියාවේ නාවික බල ඇණිය ශක්තිමත් කිරීමට පොරොන්දු වී තිබූ පුටින් පසුගියදා රුසියාවේ නවතම න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් විවෘත කිරීමට උතුරේ සෙවෙරොඩ්වින්ස්ක් නගරය වෙත ගියේය. III ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා සහ ක්‍රස්නොයාර්ස්ක් ලෙස නම් කර ඇති මේ යාත්‍රා, පසුගිය වසර හය තුළ ඒවා ඉදිකරන ලද සෙව්මාෂ් නැව් තැනීමේ අංගනයේ ගාල් කර තිබුණි.
මේ යාත්‍රා අතරින් III වැනි ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා රුසියාවේ නව බෝරේ (ආක්ටික් සුළං) පන්තියේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයකි. ඒ සෑම එකක්ම න්‍යෂ්ටික හිස් සහිත බුලාවා අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල 16 කින් සන්නද්ධ වේ. Borei යනු සීතල යුද්ධයෙන් පසු රුසියාව දියත් කළ නව පරම්පරාවේ දිය යට පළමු යාත්රාවන්ය.
Krasnoyarsk අයත් වන්නේ Yasen (Ash Tree) පන්තියේ බහුකාර්ය සබ්මැරීනවලටය. ඒවා දිගු දුර, අධි-නිරවද්‍ය මිසයිලවලින් සමන්විත වන අතර ඒවාට මුහුදේ සහ ගොඩබිම ඉලක්කවලට පහර දිය හැකි බව පුටින් ප්‍රකාශ කළේය. රුසියාව මේ වන විට තවත් න්‍යෂ්ටික සබ්මැරීන අටක් ගොඩනඟමින් සිටියි. ඒ බෝරෙයි පන්තියේ තුනක් සහ යසෙන් පන්තියේ පහක් ලෙසය.
පසුගිය සිකුරාදා පුටින්, තමන් මාර්තු මාසයේ පැවැත්වෙන මැතිවරණයේ දී පස්වැනි ජනාධිපති ධූර කාලය අපේක්ෂා කරන බව නිවේදනය කළේය. එදිනම පුටින්, රුසියාවේ නව පරම්පරාවේ න්‍යෂ්ටික ආයුධවල අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කර තිබුණි.