2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

අලුත් කොරොනාවත් ලොව පුරා යයි?

 2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 61

කොරෝනා වයිරසයේ ඔමික්‍රොන් BA.2.86 ප්‍රභේදයේ උප ප්‍රභේදයක් වන JN.1 Covid වයිරසය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් "අවශ්‍ය ප්‍රභේදයක්" ලෙස වර්ගීකරණය කර ඇත්තේ "එය  ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම" නිසාය. 

ඇමෙරිකාව, එක්සත් රාජධානිය, සිංගප්පූරුව, චීනය, ඉන්දියාව, ඉන්දුනිසියාව හා යුරෝපා රටවල්වලින් ද නව ආසාදිතයන් හමුව තිබේ. දෙසැම්බර් 4 වැනිදා සිට 10 වැනිදා දක්වා කාලය තුළ දී පමණක් ගිණිකොන දිග ආසියාවෙන් හමුවී ඇති නව ආසාදිතයන් සංඛ්‍යාව 56000කට අධිකය. මේ අතර නව කොවිඩ් ප්‍රභේදය ඉන්දියාව තුළ ශීඝ්‍රයෙන් පැතිර යන බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරයි. ඊයේ දිනයේ පමණක් එරටින් හමුවී ඇති වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 519 කි. මෙලෙස JN.1 සෑම කලාපයකම වේගයෙන් ව්‍යාප්ත වන්නේ, එය පැවත එන BA.2.86 ප්‍රභේදයට සාපේක්ෂව මෙහි ස්පයික් ප්‍රෝටීනයේ අමතර විකෘතියක් ඇති නිසා විය හැකි යැයි WHO පවසයි. නව කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ බොහෝ රටවල් මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම යළි ආරම්භ කර තිබේ.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00