2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

ජපාන රොබෝවක් මුල්වරට සඳට බහියි!

 2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 67

ජපානයේ අභ්‍යවකාශ ඒජන්සිය විසින් නිපදවන ලද ''මූන් ස්නයිපර්'' ලෑන්ඩරය නත්තල් දිනයේදී සාර්ථකව චන්ද්‍ර කක්ෂයට ඇතුළු විය. පළමුවරට සඳ මතුපිටට රොබෝ ගවේෂකයෙකු ගොඩබෑමේ ඉලක්කය සපුරා ගැනීමට මේ අනුව ජපානයට හැකිවනු ඇත. එය සාර්ථක වුවහොත් ජපානය සඳ මතට ගොඩබෑමේ ජයග්‍රහණය සිදුකළ පස්වන රට බවට පත්වන අතර 21 වැනි සියවසේදී එසේ කළ තෙවැනි රට බවට පත්වනු ඇත.

එහි වත්මන් ගමන් මාර්ගය අනුව, රොබෝ යානය දළ වශයෙන් සෑම පැය 6.4කට වරක් සඳ වටා යන අතර ඉදිරි සති කිහිපය තුළ එය සෙමෙන් එහි කක්ෂය කුඩා කර, ජනවාරි මැද භාගයේදී එහි සඳ ස්පර්ශ කිරීමේ ඓතිහාසික උත්සාහය දරමින් සඳ මතුපිටට කිමිදෙනු ඇත.