2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

මෑත ඉතිහාසයේ මහා මිනිස් තවලම අමෙරිකාවට!

 2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 203

සංක්‍රමණිකයින් දහස් ගණනකින් යුතු විශාල තවලමක් එක්සත් ජනපදයේ දකුණු දේශසීමාව වෙත මෑත ඉතිහාසයේ මුල් වතාවට ගමන් කරමින් සිටියි.

මේ ඇතැම් සංක්‍රමණිකයන් එක්සත් ජනපද දේශසීමා වෙත ළඟාවීමට සැතපුම් 1,000 (කිලෝමීටර් 1,600)ක පමණ පා ගමනකින් පැමිණ තිබුණි. එය මීට පෙර කිසිදු සංක්‍රමණික තවලමක් ගමන් නොගත් ජයග්‍රාහි දුරකි. පුවත් වාර්තා අනුව, කුඩා දරුවන් සිටින බොහෝ පවුල්ද ඇතුළුව, සංක්‍රමණිකයන් 8,000කට වැඩි පිරිසක් එකවර නත්තලට පෙර බොහෝදුරට වෙනිසියුලාව, කියුබාව සහ මධ්‍යම ඇමෙරිකාවේ සිට ග්වාතමාලා දේශසීමාව තරණය කර තිබුණි.

මෙම ''මිනිස් කැරවානය'' වසරකට වැඩි කාලයක් තුළ මධ්‍යම ඇමරිකාවෙන් පිටත් වූ විශාලතම තවලමය. මෙම මාසයේ පමණක් නිරිතදිග දේශසීමාවේදී සංක්‍රමණිකයන් 10,000ක් අත්අඩංගුවට ගෙන තිබූ හෙයින් මේ මහා සංක්‍රමණය ඉතිහාසගත වාර්තාවක් ලෙස සැලැකේ.

පෙර නොවූ විරූ මේ සංක්‍රමණ ආක්‍රමණයට මුහුණදීම සඳහා මෙක්සිකානු ආර්ථිකයට තීරණාත්මක වන ටෙක්සාස්හි දුම්රිය හරස් මාර්ග දෙකක් එක්සත් ජනපදය පසුගිය සතියේ කෙටිකාලීනව වසා දැමීය. මේ විශේෂ තවලම දේශ සීමාව වෙත ඇදුණේ දෙරට අතර සංක්‍රමණික අර්බුදය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් සඳහා ඉහළ මට්ටමේ දූත පිරිසකට නායකත්වය දෙමින් රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මෙක්සිකෝවට ගොස් සිටින අතරතුරදීය.

 

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00