2024 ජනවාරි 06 වන සෙනසුරාදා

කොංගෝ ජනාධිපතිට දෙවැනි ධුර කාලයත්!

 2024 ජනවාරි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 34

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපති ෆීලික්ස් ෂිස්කෙඩි දෙසැම්බර් 20 දින පැවැති ඡන්ද විමසීමකදී 73% කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමෙන් පසු සිය දෙවැනි ධුර කාලය සඳහා නැවත තේරී පත් විය. කින්ෂාසා අගනුවරදී ප්‍රතිඵල නිවේදනය කරමින් එරට මැතිවරණ කොමිසම පැවසුවේ වලංගු ඡන්ද මිලියන 18කට අධික සංඛ්‍යාවකින් ෂිස්කෙඩි ඡන්ද මිලියන 13කට වඩා ලබාගෙන ඇති බවත්, ඡන්දය ප්‍රකාශ  කිරීම 43%කට වඩා වැඩි බවත්ය.

ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කරනු ලැබුවේ මැතිවරණය පැවැත්වූ ආකාරය පිළිබඳව විපක්ෂයේ දින කිහිපයක සිට ලද පැමිණිලිවලින් පසුවය. ෂිස්කෙඩි තාවකාලිකව තේරී පත් වූ බව ප්‍රකාශ කිරීමෙන් පසු පැමිණ සිටි ෂිස්කෙඩිගේ ආධාරකරැවන්ගෙන් ප්‍රීති ඝෝෂා මතු විය. දේශපාලන පක්‍ෂ, අපේක්‍ෂකයින් සහ ඔවුන් විසින් බලය පවරන ලද අයට ව්‍යවස්ථා අධිකරණයේදී මැතිවරණ ප්‍රතිඵලය අභියෝගයට ලක් කිරීමට දින දෙකක් තිබේ. නඩුවේ තීන්දුව ලබා දී අවසන් ප්‍රතිඵලය ප්‍රකාශ කිරීමට අධිකරණයට දින හතක් තිබේ.