2024 ජනවාරි 13 වන සෙනසුරාදා

ලොව විශාලතම කන්ටේනර් නැව චීන ගඟේ!

 2024 ජනවාරි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00 193

බහාලුම් 24188 ක් එකවර ප්‍රවාහනය කළ හැකි ලොව විශාලතම බහාලුම් නෞකාව වැඩ අරඹා තිබේ. එය චීනයේ යැංසි ගංගාවේ පළමුවරට යාත්‍රා කරමින් ඉකුත්දා සිය පළමු අත්හදා බැලීමේ චාරිකාව ආරම්භ කළේය.

‘OOCL Valencia’ නමැති එම නෞකාව මීටර් 399.99 ක දිගින් යුතුය. එහි පළල මීටර් 61.3 ක් වන අතර, උස මීටර් 33.2 කි. මෙය ලොව ඉහළම නෞකා නිෂ්පාදන තාක්ෂණය යොදා චීනය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ එකකි. මෙහි නිපැයුම් කටයුතු අවසන් වූයේ 2024 වසරේදීය.