ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලොව ජනප්‍රියතම නායකයා බවට පත් වී ඇතැයි නවතම තොරතුරු සමීක්ෂණ වාර්තාවක් කියයි. ඇමෙරිකාව කේන්ද්‍ර කරගත් බුද්ධි තොරතුරු සමීක්ෂණ ආයතනයක් සිදුකළ ලැයිස්තුගත කිරීමකදී මෝදි ගැන මේ සුබවාදී තොරතුර වාර්තා වී ඇත.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ 29 වැනිදා සිට දෙසැම්බර් මස 5 වැනිදා දක්වා දින හතක කාලසීමාවක් තුළ ලොව සෑම රටකම වැඩිහිටියන්ගෙන් රාජ්‍ය නායකයා ලැබූ ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් එම සමීක්ෂණය සිදු කර තිබේ. එක් එක් රටවල විශාලත්වය අනුව සිදුකර ඇති එම සමීක්ෂණයෙන් ඉන්දීය අගමැතිවරයාගේ නායකත්වයට 76% ක ප්‍රතිශතයක ජනතා ප්‍රසාදය පළ වූ බව අනාවරණය වී ඇත.