2024 ජනවාරි 13 වන සෙනසුරාදා

චීනය අයින්ස්ටයින් උඩුගුවනට යවයි!

 2024 ජනවාරි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00 19

විශ්වය, එක්ස්රේ කිරණ මගින් විනිවිද දකින්නට චීනය සූදානම් වේ. ඒ සඳහා චීනය ‘'අයින්ස්ටයින්' නමැති පරීක්ෂණ චන්ද්‍රිකාව ඉකුත් අඟහරුවාදා උඩුගුවනට පිටත්  කළේය.

අයින්ස්ටයින් පරීක්ෂණ චන්ද්‍රිකාව වසර 3ක කාලයක් කිලෝමීටර 600ක් ඉහළින් පෘථිවිය වටා යමින් ඈත දුර විශ්ව ක්‍රියාකාරකම් මගින් නිකුත් වන එක්ස්කිරණ පරීක්ෂාවට ලක් කරන්නට නියමිතය. චන්ද්‍රිකාව විශ්වය විනිවිද බැලීමට අති නවීන “lobster eye” නමැති දෘශ්‍ය තාක්ෂණය භාවිත කරන බව චීනය කියයි. ප්‍රචණ්ඩකාරී, විශ්වීය සංසිද්ධිවලින් පිටවන එක්ස්කිරණ විමෝචන ක්ෂණිකව අල්ලා ගැනීමෙන් විශ්වයේ සැඟවුණු සැබෑ හැඩරුව හඳුනා ගැනීම මෙහි අරමුණයි. විශ්වය පිළිබඳ නවතම දැනුම් සම්භාරයක් මිනිසා වෙත තිළිණ කර දෙන්නට මේ චීන අයින්ස්ටයින් සමත් වනු ඇතැයි විශ්වාස කෙරේ.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00