2024 ජනවාරි 20 වන සෙනසුරාදා

එංගලන්ත රජ පවුල රෝහල් පෝලිමේ!

 2024 ජනවාරි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 114

වේල්ස් කුමරිය වන කැතරින්, සාර්ථක උදර ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු සති දෙකක කාලයක් රෝහලේ සුවය ලබමින් පසුවන බවට කෙන්සිංටන් මාලිගය ප්‍රකාශයක් නිකුත් කර ඇත.

සැත්කම සාර්ථක වූ අතර බොහෝ දෙනකු “කේට්” ලෙස ද හඳුන්වන කැතරින් දින 10 සිට 14 දක්වා රෝහල්ගතව සිටිනු ඇත.

ශල්‍යකර්මය කුමක් සඳහා ද යන්න පැහැදිලි නැති, නමුත් රාජකීය මූලාශ්‍රයකට අනුව  42 හැවිරිදි ඇගේ රෝගී තත්ත්වය පිළිකාවක් නොවන බව තහවුරුව ඇත. වේල්ස් කුමරිය වින්ඩ්සර් හි නිවසේදී මාස දෙක තුනක් නැවති සුවය ලබාගැනීමට අපේක්ෂා කරන බව රාජකීය මූලාශ්‍රය පවසයි.

ඒ අතර බ්‍රිතාන්‍යයේ III වැනි චාල්ස් රජු සිය පුරස්ථ ග්‍රන්ථිය විශාල වීම සඳහා ප්‍රතිකාර ගැනීමට ලබන සතියේ රෝහලට යන බව බකිංහැම් මාලිගය බදාදා ප්‍රකාශ කළේය. 75 හැවිරිදි බ්‍රිතාන්‍ය රජුගේ පොදු කටයුතු ඔහු සුවය ලබන අතරතුර කෙටි කාලයකට කල් තබන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

 

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00