2024 ජනවාරි 27 වන සෙනසුරාදා

වසර 70කට පසු සෞදි අරාබියේ මත්පැන් සලක්!

2024 ජනවාරි 27 වන සෙනසුරාදා, ප.ව. 02:0083

සෞදි අරාබිය වසර 70කට පසු සිය මුල්ම මත්පැන් අලෙවිසල ආරම්භ කිරීමට නියමිතය. රියාද්හි විවෘත කරන මෙම වෙළෙඳසල තෝරාගත් මුස්ලිම් නොවන විදේශිකයන්ට පමණක් මත්පැන් අලෙවි කරනු ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙහි ගනුදෙනු හැකියාව විදෙස් රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලයට පමණක් සීමා වනු ඇත, ඔවුන් වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය තාන්ත්‍රික බෑග් ලෙස හඳුන්වන මුද්‍රා තැබූ නිල පැකේජවල තමන්ට අවශ්‍ය මත්පැන් ආනයනය කර ඇත.

අවශ්‍ය නියෝජිතයන් කලින් ලියාපදිංචි වී රජයෙන් අවසර ලබාගත යුතු අතර මත්පැන් ලබාගැනීමට ලියාපදිංචි අයම යා යුතුය. 21ට අඩු කිසිවකුට මත්පැන් හලට ඇතුළු වීමට ඉඩ නොදීම ඇතුළුව මාසිකව ලබා දෙන මත්පැන් සීමාවන්ද බලාත්මක කර ඇත. ඉදිරියේදී සාමාන්‍ය විදෙස් සංචාරකයන්ටද මේ අවස්ථාව හිමිකර දීමට බලාපොරොත්තු වේ. අබ්දුල්අසීස් රජුගේ පුත්‍රයකු බීමතින් බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයකු වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු 1952 සිට එරට තුළ මත්පැන් තහනම් විය