මිනිස් සෞඛ්‍යයට බරපතළ හානියක් කළ හැකි සල්ෆොනික් අම්ලය දකුණු බ්‍රසීලයේ ජොයින්විල්හි පිහිටි රියෝ සෙකෝ ගංඟාව වෙත කාන්දු වී තිබේ. සල්ෆොනික් අම්ලය රැගත් ට්‍රක් රථයක් අනතුරට පත්වීමෙන් පසු ගඟ වෙත මුදාහරින ලද මේ රසායණය අධික ලෙස පෙණ දමමින් ගඟ වසා පැතිර යාම නිසා ප්‍රාදේශීය හදිසි තත්වයක් පවා ප්‍රකාශයට පත්කෙරිණි.
මෙම ආම්ලික සංයෝගය ඩිටර්ජන්ට් සහ ගෘහස්ථ පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට භාවිතා කරයි. මේ මගින් දූෂිත ජලය ලබාගැනීම වැළැක්වීම සඳහා සඳුදා උදෑසන පිරිපහදු මධ්‍යස්ථානයක් වසා දමන ලදී. පෙණ පැතිරීම නිසා අසල්වැසි ගම්මාන ගණනකට පානීය ජලය අහිමිව ගොස් ඇත. සමාජ මාධ්‍යවල වීඩියෝ පෙන්නුම් කළේ මිනිසුන් ජල හිඟයක් ගැන භීතියෙන් ලහි ලහියේ බෝතල් කළ ජලය ගබඩා කරන ආකාරයයි.