ලොව ප්රථම වතාවට මිනිසෙකුගේ මොළයට චිප් එකක් සවි කිරීමේ සැත්කම සාර්ථකව සිදුකර හමාර බව ඉලෝන් මස්ක් කියා ඇත. සිතීම මගින් බාහිර වස්තු පාලනයට හැකියාව ලබාදීම මේ පර්යේෂණයේ අරමුණයි.
මෙම ආන්දෝලනාත්මක බ්රේන්-චිප් සැත්කම සිදුකළ පළමු මිනිස් රෝගියා හොඳින් සුවය ලබමින් සිටින බව ඉලෝන් මස්ක්ගේ නියුරලින්ක් ආයතනය ප්රකාශ කර ඇත. මෙම චිප් හරහා මොළය වටා සහ ශරීරය පුරා තොරතුරු යැවීමට විද්යුත් හා රසායනික සංඥා යොමු කිරීමට හැකිය.
එය අංශභාග සහ ස්නායු රෝගීන්ට සිය රෝග තත්වයන්ගෙන් මිදීමට උපකාර කිරීමේ ආරම්භක හා තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇති බව ආයතනය පෙන්වා දෙයි. මෙම මානව අත්හදා බැලීම් සමඟින් නියුරාලින්ක්හි අරමුණ වන්නේ අංශභාග රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ට ඔවුන්ගේ මොළයේ ක්රියාකාරීත්වය මගින් පමණක් පරිගණකයක් හෝ දුරකථනයක් භාවිතා කිරීමට අවස්ථාව ලබාදීමයි.