2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා

ඡන්දය දිනූ තරුණ තායි නායකයා් ගෙදර යන හැඩ!

 2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 20

පසුගිය වසරේ පැවති මැතිවරණයේදී වැඩිම ඡන්ද ලබාගත් තායිලන්ත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය Move Forward දැන් විසුරුවා හැරීමට බල කෙරෙන ලකුණු පහළ වී ඇත. ඒ උසාවියකින් එහි ප්‍රධාන ප්‍රතිපත්තිය නීති විරෝධී යැයි තීන්දු කිරීමෙන් පසුය.

රාජකීය අපහාස නීති වෙනස් කිරීම සඳහා උද්ඝෝෂණය කරන බවට එහි ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී ඇති පොරොන්දුව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව තායි ව්‍යවස්ථා අධිකරණය විසින් සොයාගෙන ඇත. මේ අනුව Move Forward හි නායකයාට දැන් දේශපාලනය තහනම් කිරීමටද ඉඩ ඇත.

2023දී ඡන්දදායකයින්ගෙන් බහුතරයක් දිනාගත් හාවඩ්හි උගත්, තරුණ දේශපාලඥයෙකු වන පිටා ලිම්ජරොඑන්රත්, තායිලන්තයේ රාජාණ්ඩුවට සහ මිලිටරි-පෙළගැසුනු ප්‍රභූ පැලැන්තියට සැලකිය යුතු තර්ජනයක් විය. කෙසේ වෙතත්, අගමැති ලෙස පත්වීමට තිබූ ඔහුගේ අවස්ථාවද සෙනෙට් සභාව විසින් අවහිර කරන ලදී. තායි රටේ රාජකීය අපහාසය දැඩි දඬුවම් ලබාදෙන වරදකි. එම නීතියම බොහෝවිට සම්ප්‍රදායික පාලනයට එරෙහිව එන පිරිස මැඬීමට යොදාගන තිබේ. මේ මස මුලදී, තායි රාජාණ්ඩුව විවේචනය කිරීම සම්බන්ධයෙන් බැංකොක්හි 30 හැවිරිදි පුද්ගලයෙකුට වසර 50 ක සිරදඬුවමක් නියම විය. 2020 නොවැම්බර් මාසයේ සිට පුද්ගලයන් 260 කට වැඩි පිරිසකට නීතිය යටතේ චෝදනා එල්ල වී ඇත.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00