2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා

ඉම්රාන් ඛාන්ට නඩු පිට නඩු!

 2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 51

පකිස්තානයේ හිටපු නායක ඉම්රාන් ඛාන් වසර 10කට සිරගත කර පැය 24ක් යන්නටත් මත්තෙන් තවත් වසර 14ක අමතර සිර දඬුවමක්ද නියම වී තිබේ. ඒ අනුව හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට දූෂණ චෝදනා සම්බන්ධයෙන් වසර 14ක සිර දඬුවමක් නියම කර ඇති බව ඔහුගේ පකිස්තාන ටෙහ්රීෆ්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂය බදාදා සනාථ  කළේය.

2018 සිට 2022 දක්වා අගමැති ලෙස කටයුතු කළ කාලය තුළ රාජ්‍ය ත්‍යාග නීති විරෝධී ලෙස විකිණීම සම්බන්ධ නඩුවකට ජාතික වගවීමේ කාර්යාංශය විසින් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බීබී මෙලෙස වරදකරු කරනු ලැබ ඇත.

බදාදා නව දඬුවම් තීන්දුව පැමිණෙන්නේ රාජ්‍ය රහස් පිටතට කාන්දු කිරීම සම්බන්ධයෙන් ඛාන්ට වසර 10ක සිරදඬුවමක් නියම වී දිනකට පසුවය. ඔහුට සමගාමීව මෙම දඬුවම් විඳීමට අවසර ලැබේ. චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අගෝස්තු මාසයේ සිට සිරගතව සිටින ඛාන්ට වසර 10ක් නිලයක් දැරීමද තහනම් කර ඇත. පෙබරවාරි 8 වැනිදා පැවැත්වීමට නියමිත මහා මැතිවරණයට සතියකට ආසන්න කාලයක් තිබියදී ඛාන් වෙත මේ නීතිමය ප්‍රහාර එල්ල වී තිබේ.

ඛාන් සහ ඔහුගේ සහායකයන්ට එරෙහි මෙම මර්දනය හේතුවෙන්, පකිස්තානයේ ඉදිරි මැතිවරණය බොහෝ විශ්ලේෂකයින් විසින් රටේ වසර 77කට ආසන්න ඉතිහාසය තුළ පැවැත්වෙන අවම විශ්වසනීයත්වයකින් යුතු මැතිවරණයක් ලෙස සලකනු ලැබේ.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00