2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා

රුසියාවෙන් අභ්‍යවකාශයට න්‍යෂ්ටික අවියක්!

 2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 79

අභ්‍යවකාශ ගත න්‍යෂ්ටික අවියක් නිපදවීමට රුසියාව දරන උත්සාහයක් සම්බන්ධයෙන් ඇමෙරිකාව සිය කොංග්‍රසයට මෙන්ම කැනඩාව සහ අනෙකුත් සහචර රටවලට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

නව බුද්ධි තොරතුරු අනුව චන්ද්‍රිකා නාශක න්‍යෂ්ටික අවියක් අභ්‍යවකාශ ගත කිරීමට රුසියාව දරන උත්සාහයක් ගැන වාර්තා වන බව වත්මන් සහ හිටපු එක්සත් ජනපද බුද්ධි නිලධාරීන් උපුටා දක්වමින් පුවත්පත වාර්තා කළේය.

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ රිපබ්ලිකන් නියෝජිත සහ බුද්ධි කමිටුවේ සභාපති, මයික් ටර්නර් බදාදා මේ ගැන ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් පසු “බරපතළ ජාතික ආරක්‍ෂක තර්ජනයක්” ගැන වූ මෙම අනතුරු ඇඟවීම සිදුවිය.

කෙසේ වුවද එක්සත් ජනපද බුද්ධි අංශ නිලධාරීන් තිදෙනකුට අනුව මෙම පද්ධතිය තවමත් සංවර්ධනය වෙමින් පවතින අතර තවමත් කක්ෂගත කර නොමැත. මේ නව  තාක්‍ෂණය කෙතරම් දුරට දියුණු වී ඇත්ද යන්න ද තවම පැහැදිලි නැත.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00