2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා

අඟහරු මතට යන්න මෙන්න අවස්ථාවක්!

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 64

අඟහරු මත ජීවත් වීමට සිහින මැවූ ඕනෑම කෙනකුට, දැන් ඒ සඳහා අවස්ථාව උදා වී තිබේ. NASA ආයතනය මගින් මේ සඳහා කැමැති අයගෙන් ඉල්ලුම්පත් කැඳවා ඇති අතර අවසාන දිනය අප්‍රේල් 02දාය.

රතු ග්‍රහලෝකයේ පරිසරය අනුකරණය කරමින් තනා ඇති වෙන්කළ වාසස්ථානය ජීවත් වීමට හැකිදැයි පරීක්ෂා කර බලන මේ මෙහෙයුම සඳහා අනාගත "අඟහරුවන්" වීමට කැමැති අයට මෙහිදී අවස්ථාව හිමිව තිබේ.

අභ්‍යවකාශ ඒජන්සිය මගින් මේ කැඳවීම කර ඇත්තේ 2025 වසන්තයේ ආරම්භ වන   එහි දෙවැනි සැලසුම් කළ CHAPEA නොහොත්, අඟහරු කාර්ය මණ්ඩල සෞඛ්‍ය සහ කාර්යසාධන ගවේෂණ ඇනලොග් මෙහෙයුම සඳහාය.

වසරක කාලයක් සඳහා, පුද්ගලයන් හතර දෙනකුගෙන් සැදුම්ලත් ස්වේච්ඡා කාර්ය මණ්ඩලයක් හූස්ටන්හි NASA හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ Mars Dune Alpha තුළ ජීවත් වන අතර වැඩ කරනු ඇත. ත්‍රිමාණ මුද්‍රිත තාක්ෂණයෙන් නිපැයූ මෙම වාසස්ථානය, වර්ග අඩි 1,700ක් පුරා පැතිරී ඇති අතර, අනාගතයේදී අඟහරු මතුපිටට ගොඩබසින ගගනගාමීන් කණ්ඩායමක ජීවන තත්ත්වයන්ට සමාන වන පරිදි මෙය නිර්මාණය කර ඇත.

මෙහි 2023 ජූනි 25 වැනිදා ආරම්භ වූ පළමු CHAPEA මෙහෙයුම මේ වසරේ ජූලි 6 වැනිදා අවසන් වීමට නියමිතය.

 2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00