2024 මාර්තු 02 වන සෙනසුරාදා

දෙවියන් සිහිකර මූදේ ගිලුණු මෝදි!

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 19

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිය යට පිහිටි පුරාණ කෝවිලක් වැඳ පුදා ගත් බවට මාධ්‍ය වාර්තා කර තිබුණි. ඔහු දිය යට කිමිදෙමින් මෙසේ වැඳ පුදාගෙන ඇත්තේ අරාබි මුහුදේ ගුජරාට් වෙරළට ඔබ්බෙන් දිය යට පිහිටි පුරාණ කෝවිලකි. ඔහු දිය යටට ගොස් තිබුණේ ද්වාර්කා නමැති පුරාණ නගරයක් වූ ක්‍රිෂ්ණ දෙවියන් වෙනුවෙන් වෙන්කර ඇති ඇති මේ කෝවිල තුළ සිදුකළ විශේෂ පූජාවකට සහභාගි වීම සඳහාය.

සුදු කිමිදුම් හිස්වැස්මක් පැළඳ, නාවික හමුදා කිමිදුම්කරැවන්ගේ සහාය ලබා දිය යට ගිය මෝදි මුහුදු පතුල මත කකුලක් මත කකුලක් හරස් හිඳ ගනිමින්, ක්‍රිෂ්ණ දෙවියන්ට පූජා කිරීමට පෙර, මොනර පිහාටු ලෙලවමින් යාච්ඥා කර තිබුණි.

මේ කෝවිල සහිත කලාපය කලකට පෙර සශ්‍රීක නගරයක්ව තිබී ඇති අතර එය සියවස් ගණනාවකට පෙර දී මුහුදට යට වී ගොස් ඇතැයි විශ්වාස කරයි. ක්‍රිෂ්ණ දෙවියන්ට සංකේතාත්මක උපහාරයක් ලෙස මොනර පිහාටු රුගෙන ජලයේ ගිලී ඇති නරේන්ද්‍ර මෝදි සිය X ගිණුම ඔස්සේ සටහනක් තබමින් කියා තිබුණේ ජලයේ ගිලී ඇති පුරාණ ද්වාර්කා කෝවිල යාච්ඥා කිරීමෙන් දිව්‍යමය අත්දැකීමක් ලබා ගත් බවයි.