එංගලන්තයේ නාවුක හමුදාව සතු ප්රහාරක ගුවන් යානා රැගෙන යන යෝධ යාත්රාවක් වන HMS Prince of Wales විකුණා දැමීමට සිදුවනු ඇතැයි වාර්තා වේ. අරමුදල් හිඟය හේතුවෙන් මේ යාත්රාව හිතවත් රටකට අඩු මුදලකට විකුණනු ඇති බවට රාජකීය නාවුක හමුදා ආරංචි මාර්ග කියයි.
මේ වන විට ආරක්ෂක අයවැය මගින් වෙන්කර ඇති මුදල තවදුරටත් ප්රමාණවත් නොවන හෙයින් මේ යාත්රාව සමඟ නාවුක බලඇණියේ ප්රමුඛ යාත්රාව වන එළිසබෙත් නෞකාවද විකුණා දමනු ඇත. මේ යාත්ර දෙකම අලෙවියෙන් පවුම් බිලියන 7ක් ලබාගැනීමට අපේක්ෂා කරයි.