2020 මැතිවරණය අවලංගු කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් එල්ලව ඇති චෝදනා යටතේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නඩු පැවරීමෙන් ඔහු නිදහස් දැයි සොයා බැලීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෙස ඔහුගේ රාජකාරි යටතට අයත්ව තිබූ මෙම ක්‍රියාවන් සඳහා වන සියලු අපරාධ චෝදනාවලින් තමා නිදහස් බවට කරුණු දක්වා තිබුණි.
කොන්සර්වේටිව් බහුතරයක් සහිත අධිකරණය ට්‍රම්ප් මෙම අපරාධ වගකීමෙන් තමන් සතු මුක්තිය හේතුවෙන් ආරක්ෂා සහිත බවට කරන ප්‍රකාශයන් ඇසීමට තීරණය කළේය. මේ සම්බන්ධයෙන් ඔහු ජනාධිපති මුක්තිය භුක්ති විඳින බවට ට්‍රම්ප් ඉදිරිපත් කරන තර්කය එක්සත් ජනපද අභියාචනාධිකරණ මණ්ඩලයක් දැනටමත් ප්‍රතික්ෂේප කර ඇත.