ඇමෙරිකාවේ UFO පියඹන වස්තූන් වැඩියෙන්ම ගැවසෙන ස්ථාන පෙන්වන සිතියමක් දැන් එළිදැක තිබේ. දශක දෙකක් පුරා 100,000කට ආසන්න UFO හෙවත් හඳුනා නොගත් පියඹන වස්තූන්ගේ හැසිරීම් රටා දර්ශන පෙන්වන මේ නව සිතියම මගින් තහවුරුව ඇත්තේ ඇමෙරිකාවේ බටහිර ප්‍රාන්ත මේ අද්භුත ප්‍රවණතාවට වැඩියෙන්ම ලක්ව ඇති බවය.
Utah විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාඥයන් - පෙන්ටගනයේ සිට මෑතකදී විශ්‍රාම ගිය UFO ප්‍රධානී ආචාර්ය Sean Kirkpatrick සමඟ එක්ව - 2001 සිට 2020 දක්වා 21 වැනි සියවස පුරා වසර 20ක කාලසීමාවක් පුරා විහිදුණු මුළු UFO වාර්තා 98,000ක් පමණ විශ්ලේෂණය කර මෙම සිතියම එළිදක්වා ඇත.