2024 මාර්තු 09 වන සෙනසුරාදා

ජර්මනියේ මහ නගරය මැද සමූහ මිනී වළක්!

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 103

ඇටසැකිලි 1000කට වඩා සහිත සමූහ මිනී වළක් ජර්මනියෙන් හමුව ඇත. පුරාවිද්‍යාඥයන් පවසන්නේ යුරෝපයේ මෙතෙක් කැණීම් කරන ලද විශාලතම සමූහ මිනී වළ දකුණු ජර්මනියේ නියුරම්බර්ග් නගර මධ්‍යයෙන් සොයා ගත් මේ මිනී වළ බවය. 

නගරයේ නව නේවාසික ගොඩනැගිලි ඉදිකිරීමට පෙර කළ පුරාවිද්‍යා සමීක්ෂණයකදී මෙවන් සමූහ මිනී වළවල් 8ක නටබුන් සොයා ගනු ලැබ තිබුණි.

නියුරම්බර්ග් නගර මධ්‍යයේ හමුවූ මෙම සමූහ මිනී වළවල්වලින් ඇටසැකිලි 1,000 ක් පමණ සොයාගෙන ඇති අතර, එහි 1,500 කට වැඩි පිරිසක් සිටිය හැකි බව විශේෂඥයෝ විශ්වාස කරති. මේ සැකිලි වසංගතයකට ගොදුරුවූවන්ගේ විය හැකි බව Nuremberg හි උරුම සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.