2024 මාර්තු 09 වන සෙනසුරාදා

මාලදිවයින ඉන්දියාවෙන් තවත් ඈතට

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 173

පසුගිය වසරේ ජනාධිපති මොහොමඩ් මුයිසු තේරී පත්වීමෙන් පසු ඉන්දියානු සාගර දූපත් සමූහයේ චීන ගැති පැති මාරුව වඩාත් හොඳින් සිදුවෙමින් පවතින බවට නවතම සලකුණක් ලෙස සැලකිය හැකි වාර්තාවක් හෙළිදරව් වි තිබේ.

ඒ චීනය එරටට “මිලිටරි සහාය” ලබා දෙන බවට මාලදිවයින අඟහරුවාදා ප්‍රකාශ කිරීමත් සමඟය. මාලදිවයින් ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ සඳුදා බීජිං සමඟ එරටට  “චීනයේ මිලිටරි ආධාර සැපයීම” පිළිබඳ ගිවිසුමක් අත්සන් කළ බවය. මෙම ගනුදෙනුව “වඩා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාවක්” වර්ධනය කරන බව සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් වන X හි පළ කර තිබුණි. අමාත්‍යාංශය පැවසුවේ ආරක්ෂක ගනුදෙනුව “නොමිලේ” සිදුවන බවයි.

මේ සමඟම මාලදිවයින ඉන්දියාවෙන් තවත් ඈතට තල්ලු කිරීමට සහ දෙරට අතර නොහොඳකම් ඉහළ දැමීමට හේතු වනු ඇති බව විචාරක මතයයි. මෙම පියවර, මාලදිවයින් භූමියෙන් ඉන්දියානු හමුදා ඉවත් කර "අහිමි වූ" ජාතික ස්වෛරීභාවය යළි තහවුරු කරන බවට පොරොන්දු වූ ඔහුගේ "ඉන්දියාව ඉවතට" මැතිවරණ ව්‍යාපාරයෙන් පසුව, නොවැම්බර් මාසයේ දී බලයට පත් වූ ජනාධිපති මුයිසු විසින් චීනය සමඟ සමීප සබඳතා දැඩිව වර්ධනය කර ගැනීම සඳහා ගෙන යන මෙහෙයුමේ කොටසකි.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00