2024 මාර්තු 16 වන සෙනසුරාදා

ඇමෙරිකාවේ රහස්‍ ආයුධය

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 205

එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් B-52 බෝම්බ හෙලන යානයක් පසුගිය සතියේ ගුවාම්හිදී එරට ARRW නමැති රහසිගත හයිපර්සොනික් ආයුධයක අවසාන පරීක්ෂණය සිදු කළේය. මෙය මාච් 5ට වැඩි ශබ්දයේ වේගය පරදන අධික වේගයක් ලබා ගත හැකි පෙන්ටගනය විසින් පරීක්ෂාවට ලක් කරන ලද ආයුධ පද්ධති කිහිපයෙන් එකකි.

පරීක්ෂාවට ලක්වූ මෙම AGM-183A Air-launched Rapid Response Weapon (ARRW) යනු අධිවේගී හයිපර්සොනික් ප්‍රහාරකයෙකි. සාමාන්‍යයෙන් ඒවා මතුපිට සිට ගුවනට විදින මිසයිල  හෝ රේඩාර් පද්ධති වැනි ක්ෂණික ඉලක්ක අල්ලා ගැනීමට සැලසුම් කර ඇත.

මෙම හයිපර්සොනික් ආයුධවලට වඩාත් වැඩි වේගයෙන් හා වැඩි ඉහළකට ගමන් කිරීමෙන් දැනට පවතින ආරක්‍ෂක සීමා බාධක මඟහැරිය හැකිය. එසේම  හයිපර්සොනික් ප්‍රහාරකයන්ට මන්දගාමී පියාසැරියක ද යෙදිය හැකිය. ඒවා ඇදහිය නොහැකි තරම් අඩු වූ වේගයකින් සැතපුම් සිය ගණනක් වුවද හෙමින් සීරැවේ ලිස්සා යාමට සමත්ය.

ඇමෙරිකානු ගුවන් ප්‍රහාරයකදී යොදාගත හැකි ARRW යනු, සතුරා සුනුවිසුණු කිරීමට සමත් ආයුධයක් ලෙස සැලකෙයි. තනි B-1B බෝම්බ හෙලන යානයකට ARRWs 31ක් තරම් ප්‍රමාණයක් රැගෙන යා හැකි අතර, කලින් කී අයුරු සතුරු ගුවන් කඳවුරු, රේඩාර් අඩවි සහ ගුවන් ආරක්ෂක මිසයිල මේවා මගින් ඉලක්ක කරයි.

මේ නිසාම, ගුවන් හමුදාවේ 45 B-1B බෝම්බකරුවන්ගෙන් තුනෙන් එකක් පමණක් සම්බන්ධ කරන ගුවන් ප්‍රහාරයකදී න්‍යායාත්මකව හයිපර්සොනික් ආයුධ 465 ක් පමණ එකවර භාවිතයට මුදා හැරිය හැකිය. එය විනාශකාරී ප්‍රහාරයක් වනු ඇත.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00