2024 මාර්තු 16 වන සෙනසුරාදා

න්‍යෂ්ටික යුද්ධයකට පුටින් සූදානම්!

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 75

රුසියාවේ ස්වෛරීත්වයට තර්ජනයක් එල්ල වුවහොත් න්‍යෂ්ටික අවි භාවිත කිරීමට සූදානම් බව පුටින් යළි අනතුරු අඟවා ඇත. ලොව බලවත්ම න්‍යෂ්ටික බලය සහිත රට වන්නේ රුසියාව ය.

න්‍යෂ්ටික යුද්ධයකට තමන් සූදානම් බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා ඇත්තේ රුසියානු මැතිවරණය මාර්තු 15-17 අතර කාලයේදී පැවැත්වීමට නියමිතව තිබියදීය. එමගින් ඔහුට වසර 6ක් සඳහා බලය ලැබෙයි.

රුසියානු නායකයා 2022 පෙබරවාරි 24 දින යුක්රේනයට එරෙහිව පූර්ණ පරිමාණ ආක්‍රමණයක් දියත් කළ දා සිට න්‍යෂ්ටික අවි භාවිත කිරීමට ඇති ඔහුගේ සූදානම ගැන නැවත නැවතත් කතා කර ඇත. මෑත කාලීනව එවැනි තර්ජනයක් එල්ල වූයේ පසුගිය මාසයේ ජාතිය ඇමතූ ඔහුගේ රාජ්‍ය දේශනයේදී ය. යුක්රේනයේ සටන්වලට බටහිර ජාතීන් මැදිහත්වීම න්‍යෂ්ටික යුද්ධයක අවදානම දැඩි කිරීමට හේතුවනු ඇති බවට ඔහු එහිදී අනතුරු ඇඟවූයේය. කෙසේ වුවද න්‍යෂ්ටික යුද්ධයක් සඳහා වාතාවරණය ඇති කිරීමට ඔහු කඩිනම් නොවන බවත් යුක්රේනයේ පවතින ගැටුම් සඳහා න්‍යෂ්ටික අවි භාවිත කිරීමේ අවශ්‍යතාවයක් තමා නොදකින බවත්  පුටින් කියා ඇත.