2024 මාර්තු 16 වන සෙනසුරාදා

වසර 70කට පසු ඇමෙරිකාවේ ප්‍රති මැතිවරණ සටනක්!

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 86

ඇමෙරිකාවේ 2024 ජනාධිපතිවරණය සඳහා දැන් ජෝ බයිඩන් සහ ට්‍රම්ප් නාමයෝජනා ලබා හමාරය. ඒ අනුව මෙවර මැතිවරණය හිටපු ප්‍රතිවාදීන් අතර ප්‍රති තරගයක් බවට පත්ව තිබේ. මේ ඇමෙරිකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ වසර 70කට ආසන්න කාලයකට  පසු නැවත සිදුවන සුවිශේෂී සිදුවීමකි.

මෙබඳු මුල් සිදුවීම වාර්තා වන්නේ වසර 68කට පෙර 1956 දී රිපබ්ලිකන් ජනාධිපති ඩ්වයිට් ඩී. අයිසන්හවර් නැවතත් ඔහුට වසර හතරකට පෙර සිටි ඩිමොක්‍රටික් ප්‍රතිවාදියා වූ ඇඩ්ලායි ස්ටීවන්සන් පරාජය කළ අවස්ථාවේදීය.

මේ අතර වාර දෙකක් ජනාධිපතිවරණය ජයගත් තැනැත්තා හැටියට ඉතිහාසගතව ඇත්තේ ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් ය. ඔහු 1884 සහ 1892 මැතිවරණ ජයග්‍රහණය කරමින් ජාතියේ 22 සහ 24 වැනි ජනාධිපතිවරයා විය. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ පූර්වගාමියා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් යන දෙදෙනාම ඉකුත්දා පැවති ප්‍රාථමික මැතිවරණවලදී ඔවුන්ගේ පක්ෂවල නාමයෝජනා ලබා ගැනීම සඳහා අවශ්‍ය වූ නියෝජිත ඡන්ද සීමා පසු කර හමාරය. කෙසේ වුවද මෙම ග්‍රීෂ්ම සෘතුවේදී පැවැත්වෙන පක්ෂ සමුළුවලදී නාමයෝජනා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඡන්ද විමසීම් පෙන්වා දෙන්නේ මෙවර මැතිවරණය දෙදෙනා අතර දැඩි තරගයක් වනු ඇති බවයි. ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකානුවන්ට ඔවුන්ගේ ප්‍රාථමික ඡන්ද සඳහා ආවේණික තරමක් වෙනස් වූ නීති ඇත. නමුත් පොදු ක්‍රියාවලිය බොහෝදුරට සමානය. රිපබ්ලිකන් අපේක්ෂකයකු මට තම ජනාධිපති අපේක්ෂකත්වය දිනා ගැනීම සඳහා ප්‍රාථමික සමය තුළ අවම වශයෙන් තම පක්ෂයේ නියෝජිතයන් 1,215ක් දිනා ගත යුතු අතර ඩිමොක්‍රටික් පාක්ෂිකයකු 1,968ක් ලබා ගත යුතුය.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00